Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මුම්බායි පිල අවසන් මහ තරගයට

මුම්බායි පිල අවසන් මහ තරගයට

දිලිනි මල්රුක්ෂි - 2015 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර මුම්බායිහි වෙන්කඬේ කී‍්‍රඩාංගණයේදී අද (19 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 25 ක ජයක් අත්කරගත් මුම්බායි ඉන්දියන්ස් පිල, තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 188 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි සුපර් කිංග්ස් පිලට ඕවර 19 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 162 ක් පමණි.

එහිදී චෙන්නායි පිලේ වැඩිම ලකුණු ලාභියා වූ ෆෆ් ඩුප්ලෙසී පන්දු 34 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 45 ක් රැස්කළේය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලංග ඕවර 4 ක් යවා ලකුණු 23 කට කඩුලූ 3 ක් දවාගනිමින් මුම්බායි පිල ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.

පිට පිට යැවූ පන්දු 2 කදී සුරේෂ් රයිනා (ලකුණු 25) සහ මහේන්ද්‍ර සිං දෝනි (0) පිටියෙන් ඉවත් කිරීමට හර්බජාන් සිං සමත්වීම තරගයේ තීරණාත්මක සිදුවීමක් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 187 ක් ලබාගත්තේය.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 90 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ලෙන්ඞ් සිමන්ස් (65) සහ පාර්තිව් පටේල් (35) මුම්බායි පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.

පන්දු 51 කදී වාර්තා වූ සිමන්ස්ගේ අර්ධ ශතකයට හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර පන්දු 25 කදී වාර්තා වූ පටේල්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.

මුම්බායි ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ කිරන් පොලාඞ්, පන්දු 17 කදී ලකුණු 41 ක් රැස්කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 5 ක් සහ හතරේ පහරක් අන්තර්ගත විය.

මෙතෙක් තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියා බවට පත්ව සිටින ඞ්වේන් බ‍්‍රාවෝ මෙම තරගයේදීද ලකුණු 40 කට කඩුලූ 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 187
(ලෙන්ඞ් සිමන්ස් 65, පාර්තිව් පටේල් 35, රෝහිත් ශර්මා 19, කිරන් පොලාඞ් 41, ඞ්වේන් බ‍්‍රාවෝ 40/3)

චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 19 කදී සියලූ දෙනා දැවී 162
(මයික් හසී 16, ෆෆ් ඩුප්ලෙසී 45, සුරේෂ් රයිනා 25, ඞ්වේන් බ‍්‍රාවෝ 20, රවිචන්ද්‍රන් අෂ්වින් 23, ලසිත් මාලිංග 23/3, හර්බජාන් සිං 26/2, විනේ කුමාර් 26/2)

-036

 


අදහස් (0)

මුම්බායි පිල අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.