Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් අරාබී එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) තරගාවලියේ දෙවන අදියරේදී කිසිදු ක්‍රීඩකයෙකු තහනම් උත්තේජක පරීක්ෂණයකට භාජනය වී නොමැති බව වාර්තාවේ. තරඟය අතරතුර ක්‍රීඩකයින්ගේ සාම්පල එකතු කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණිමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ නාඩා ආයතනය අසමත් වීම හේතුවෙන් එවන් තත්ත්වයක් ඇතිවී තිබේ.
ඉන්දියාවේ පැවැත්වෙන ක්‍රීඩාවලදී තහනම් උත්තේජක පාලන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වගකීම ඉන්දියාවේ ජාතික උත්තේජක විරෝධී නියෝජිතායතනය (නාඩා) වෙත පැවරී ඇත. කෙසේ වෙතත්, නාඩා ආයතනය ඒ සඳහා කිසිදු නිලධාරියෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත යවා නැත.
පසුගිය වසරේ (2020) අයි.පී.එල් තරගාවලිය පැවැත්වෙන කාලය තුළදී, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික තහනම් උත්තේජක විරෝධී කමිටුව (නාඩෝ) සමඟ එකතු වී නාඩා ආයතනය සාම්පල එකතු කිරීමේ ක්‍රියාවලිය සිදු කළේය. කෙසේ වෙතත්, නාඩා ආයතනයේ කිසිදු නිලධාරියෙක් මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත නොගිය බැවින් තරගාවලියේ දෙවැනි අදියරේදී එය සිදු නොවන බව පෙනී යයි.
ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතට අනුව, සාම්පල එකතු කිරීම නැවත ආරම්භ කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ‘නාඩා’ ආයතනයට එකඟතාවයකට පැමිණිය නොහැකිවීම හේතුවෙන් මෙවර පැවැත්වෙන අයි.පී.එල් තරගාවලියේ දෙවැනි අදියරේදී තහනම් උත්තේජක පරීක්ෂණ සිදු කර නොමැත. පසු ගිය අප්‍රේල් මාසයේදී තරගාවලිය ඉන්දියාවේ ආරම්භ කිරීමට පෙර නාඩා ආයතනය විසින් දිල්ලි, මුම්බායි සහ චෙන්නායි හි තහනම් උත්තේජක පාලන මධ්‍යස්ථාන තුනක් පිහිටුවා තිබුණි.
පළමු අදියරේදී සාම්පල එකතු කිරීමේ ක්‍රියාවලිය සඳහා නිලධාරීන් ජෛව ආරක්‍ෂිත බුබුළු තුලටද ඇතුළු වී ඇති අතර ප්‍රධාන වශයෙන් අවධානය යොමුවී ඇත්තේ ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් වෙතය. කෙසේ වෙතත් සාම්පල එකතු කිරීමේ නිලධාරියෙකුට කොරෝනා වයිරසය වැළඳී තිබීම හේතුවෙන් ඔවුන් ජෛව ආරක්‍ෂිත බුබුළු තුලට ඇතුළු කර ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දෙවන අදියරේදී අවසර ලබාදුන්නේ නැත.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.