Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මේ වසරේ අන්තර්ජාතික තරගාවලි 22 ක්

මේ වසරේ අන්තර්ජාතික තරගාවලි 22 ක්

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේදී අන්තර් ජාතික තරගාවලි 22 කට ශ්‍රී ලංකා කණ්ඩායම් සුදානම් කරන බව කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි. රුපියල් මිලියන 400ක වියදමින් රීඞ් මාවතේ ඉදි කරන ලද කී‍්‍රඩා අමාත්‍යාංශ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් ඇමතිවරයා එසේ පැවසීය

නව පරිපාලන ගොඩනැගිල්ල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පෙරේදා (29 වැනිදා) විවෘත කරන ලදි.

උත්සව සභාව ඇමතූ කී‍්‍රඩා ඇමැතිවරයා පැවසුවේ පසුගිය වසරේදී ශ්‍රී ලංකාව සහභාගි වූ ජාත්‍යන්තර තරගාවලි 17 කට දායකත්වය දීමට කී‍්‍රඩා අමාත්‍යාංශය කටයුතු  කළ බවය. ඇමතිවරයා මෙසේ ද පැවසීය.

”අමාත්‍යාංශ සියල්ල කොළඹින් බැහැරට රැගෙන යන්න රජය  තීරණය  කර තිබිය දී අපේ අමාත්‍යාංශයට කොළඹින් තැනක් ලබා දෙන්න කටයුතු කිරීම ගැන රජයට කෘතඥතාවය පළකරනවා. ඊට මුල් වුණේ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ  මහතායි”

”මෙම පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීමේ දී  යුද හමුදාවේ දායකත්වය ලබා දෙන්නත් ඒ මහතා මුල්වුණා. ඒ නොවන්නට මෙම ගොඩනැගිල්ල ඉදිකරන්න රුපියල් මිලියන 700කට වැඩි වියදමක් යන බව අපේ විශ්වාසයයි.”

ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ මෙරට කී‍්‍රඩාවේ යහපත තකා පනත් රෙගුලාසි සහ ජාතික කී‍්‍රඩා සංශෝධනය කිරීමට අමාත්‍යාංශය පියවර ගත් බවත් ඒ සඳහා ජාතික කී‍්‍රඩා සංගම්වල අනුමැතිය හිමිවූ බවත්ය.

වසර 2016 වන විට පළාත් කී‍්‍රඩා සංකීර්ණ නවයක්, දිස්ති‍්‍රක් කී‍්‍රඩා සංකීර්ණ 25ක් හා ප‍්‍රාදේශීය මට්ටමින් කී‍්‍රඩාංගන 319 ක් ඉදිකර අවසන් කරන බවත් පැවසූ කී‍්‍රඩා ඇමැතිවරයා දැනට ශ්‍රී ලංකාව කී‍්‍රඩා කටයුතු වලින් උපයන ඇමරිකානු ඩොලර් 50 ක් වන ආදායම මෙම වසර වනවිට ඩොලර් මිලියන 500ක් දක්වා වැඩිකර ගැනීමේ  මංපෙත් සකස් කරන බවත් පැවසීය.

ඇමැතිවරයා පැවසුවේ කී‍්‍රඩා කටයුතු නැංවීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය වසර කීපය තුළදී රුපියල් මිලියන 4500 ක් දක්වා ලබාදීමට කටයුතු කිරීමෙන් ඔහු මේ රටේ කී‍්‍රඩාව නැංවීමට අසීමිත උනන්දුවක් දක්වා තිබෙන බවය.


අදහස් (0)

මේ වසරේ අන්තර්ජාතික තරගාවලි 22 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.