Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මොෂාරෆ් හොසේන් දිවියෙන් සමුගනී

මොෂාරෆ් හොසේන් දිවියෙන් සමුගනී

editorial - 2022 අප්‍රේ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශ කණ්ඩායමේ සිටි වමතින් දඟ පන්දු යවන්නකු වූ මොෂාරෆ් හොසේන් අභාවප්‍රාප්ත වී තිබේ. දිවියෙන් සමුගන්නා විට මොෂාරෆ් 40 වැනි වියේ පසුවිය.

වසර 3 කට ආසන්න කාලයක් තිස්සේ මොළයේ පිළිකාවකින් පීඩා විඳිමින් සිටි මොෂාරෆ්, ඒ වෙනුවෙන් සිංගප්පූරුවේදී සහ ඉන්දියාවේදීත් ප්‍රතිකාර ලබාගත්තේය. එක්දින තරග 5 කට පමණක් ක්‍රීඩා කළ මොෂාරෆ්, බංග්ලාදේශ දේශීය තරගාවලියේදී කඩුලු 572 ක හිමිකරුවෙකි. මොෂාරෆ්, පළමු පෙළ තරග වලදී ලකුණු 3000 ත් කඩුලු 300 කඩයිමත් පසුකළ බංග්ලාදේශ ක්‍රීඩකයන් හත් දෙනාගෙන් අයෙකි.

මේ අතර බංග්ලාදේශයේ පළමු එක්දින කණ්ඩායමේ සාමාජිකයකු වූ සයිමුර් රහමන්ද ඊයේ දිනයේදීම (19 වැනිදා) දිවියෙන් සමුගත්තේය. බංග්ලාදේශයේ මංගල එක්දින තරගය වූ 1986 දී මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති ආසියානු කුසලාන තරගයට ක්‍රීඩා කළ සයිමුර් රහමන්, මඳ වේග පන්දු යවන්නෙකි.

- 213

 


අදහස් (0)

මොෂාරෆ් හොසේන් දිවියෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.