Last Update  :  2024-12-22 20:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යාපනය මැදි විදුහල අවසන් තරගයට

යාපනය මැදි විදුහල අවසන් තරගයට

editorial - 2021 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට යාපනය මැදි විදුහල සෙනසුරාදා (27 වැනිදා) සමත් විය.

කොළඹ නාලන්දා විදුහල් ක‍්‍රීඩංගණයේදී හංවැල්ල රාජසිංහ මැදි විදුහලට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේදී කඩුලූ 7 ක පහසු ජයක් වාර්තා කරමින් යාපනය මැදි විදුහල තරගාවලියේ අවසන්  වටයට පිවිසියේය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 105 ක ඉලක්කයක් හඹාගිය යාපනය මැදි විදුහල් ක‍්‍රීඩකයෝ  ඕවර 20.3 ක් අවසානයේ එම ඉලක්කය සපුරාගත්හ. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ එස්. සාරංගන් ලකුණු 50 ක් රැුස්කරමින් සිය කණ්ඩායමේ ජයග‍්‍රහණය ඉක්මන් කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් රාජසිංහ මැදි විදුහලට  ඕවර 47.2 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 104 ක් පමණි. එහිදී ආර්. නිවුටන් කඩුලූ 3 ක්ද, ටී. ගෞතම් සහ බී. ඉන්තූජන් කඩුලූ 2 බැගින්ද දවාගනිමින් රාජසිංහ මැදි විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළහ.


රාජසිංහ මැදි විදුහල -  ඕවර 47.2 කදී සියලූ දෙනා දැවී 104
(ඉසුරු උදේෂ් 35, ප‍්‍රවීන් මනීෂ 29, ආර්. නිවුටන් 16/3, ටී. ගොෟතම් 14/2, බී. ඉන්තූජන් 25/2)

යාපනය මැදි විදුහල -  ඕවර 20.3 කදී කඩුලූ 3 ක් දැවී 105  
(එස්. සාරංගන් 50, ජේ. විතූසන් 18, වී. වියස්කාන්ත් නොදැවී 14, ප‍්‍රවීන් මනීෂ 31/3)

 


අදහස් (0)

යාපනය මැදි විදුහල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.