Last Update  :  2024-12-22 20:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යාපනය - විද්‍යාලෝක අවසන් සටන හෙට

යාපනය - විද්‍යාලෝක අවසන් සටන හෙට

editorial - 2021 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් මහ තරගය හෙට (4 වැනිදා) කොළඹ නාලන්දා විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගය යාපනය මැදි විදුහල සහ ගාල්ල විද්‍යාලෝක විදුහල අතර පැවැත්වේ.

මූලික වටයේදී චුන්නකම්හි ස්කන්දවරෝදය විදුහල, කොකුවිල්හි හින්දු විදුහල, යාපනය හින්දු විදුහල සහ යාපනය ශාන්ත පැටි‍්‍රක් විදුහල පරාජය කරමින් ‘එෆ්’ කාණ්ඩයේ පළමු වැනියා ලෙස යාපනය මැදි විදුහල පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදසුකම් ලැබීය.

පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී පොලොන්නරුව රාජකීය විදුහලත්, අර්ධ අවසන් පූර්ව වටයේදී වත්තල ශාන්ත ජෝෂප් විදුහලත්, අවසන් පූර්ව වටයේදී හංවැල්ල රාජසිංහ මැදි විදුහලත් පරාජය කරමින් යාපනය මැදි විදුහල තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසියේය.

මූලික වටයේදී දෙබරවැව ජාතික පාසල සහ වඳුරඹ මැදි විදුහල පරාජය කරමින් ‘ජේ’ කාණ්ඩයේ පෙරමුණ ගත් විද්‍යාලෝක විදුහල තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදසුකම් ලබාගත්තේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී බදුල්ල මැදි විදුහල පරාජය කරමිනි.

අර්ධ අවසන් පූර්ව වටයේදී ඉබ්බාගමුව මැදි විදුහලට එරෙහිව පැවැති තරගය විසඳුමකින් තොරව අවසන්වීම හේතුවෙන් දල ලකුණු වේගය අනුව අවසන් පූර්ව වටයට පිවිසි විද්‍යාලෝක විදුහල, එහිදී මොරටුව මෙතෝදිස්ත උසස් පාසල පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

අවසන් මහ තරගයේදී බී. ඉන්තූජන් විසින් යාපනය මැදි විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබන අතර විද්‍යාලෝක කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ පසිඳු ලක්ෂාන් විසිනි.


යාපනය මැදි විදුහල් සංචිතය
බී. ඉන්තූජන් (නායක), වී. වියස්කාන්ත්, එස්. අබියුත්, බී. කවිතර්ෂන්, ජී. ජනුජන්, ටී. කවීජන්, එස්. සාරංගන්, යූ. තර්මිකන්, ජේ. විතුෂාන්, ඒ. කාජන්, ආර්. නිවුටන්, ටී. ගෞතම්, එම්. සන්සායන්, එන්. අජේ, එස්. අනුසත්, එස්. සිමිල්ටන්, ඞී. පොල්පරමරතායලන්, ටී. අබිලාෂ්, එස්. සායන්තන්, එස්. මොහොමඞ්, එස්. තර්ෂන් මහතා (කී‍්‍රඩා භාර ආචාර්ය) සහ එෆ්. ආර්. ෂෙල්ටන් (පුහුණුකරු)

 


ගාල්ල විද්‍යාලෝක විදුහල් සංචිතය
පසිඳු ලක්ෂාන් (නායක), සෙනිත් ප‍්‍රවීන්, දිල්ෂාන් කාවින්ද, ඩිලාන් රෂින්ද, දුලාර නිම්සර, සොනාල් රන්සර, ගිහාන් අසංක, චමිත් ශිරාන්, උමේෂ් කාවින්ද, චමත් නිර්මාල්, සසිඳු ලක්ෂාන්, හසංක ජයනාත්, යසිත් දේෂාන්, උමයංග ඉමංජන, දසුන් චමෝද්, රෂ්මික ප‍්‍රභාත්, හර්ෂ මනෝහාර, හංසක රන්දීප, ප‍්‍රගීත් බිම්සර, එල්.ආර්. මානතුංග (කී‍්‍රඩා භාර ආචාර්ය) සහ තුසිත කාරියවසම් (පුහුණුකරු)

 


අදහස් (0)

යාපනය - විද්‍යාලෝක අවසන් සටන හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.