Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රිකට් කමිටුව සංවිධානය කරන ‘යුද හමුදාපති ලීගය’ විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මස 5 වැනිදා ආරම්භවේ. මෙම තරගාවලිය මේ මස 17 වැනිදා දක්වා දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහ සාලියපුර ගජබා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. උතුර වොරියර්ස්, දකුණ වොරියර්ස්, බස්නාහිර වොරියර්ස්, සහ නැගෙනහිර වොරියර්ස් යන කණ්ඩායම් 4 හි සහභාගීත්වයෙන් තරගාවලිය පැවැත්වේ.
සෑම කණ්ඩායමක් සඳහාම ආරාධිත ක්‍රීඩකයන් ලෙස ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති ක්‍රීඩකයන් තිදෙනා බැගින් ඇතුළත්ව සිටිති. එහෙත් එකවර තරගයකට ක්‍රීඩා කළ හැකි වන්නේ ඔවුන් තිදෙනාගෙන් දෙදෙනකුට පමණි.
සීකුගේ ප්‍රසන්න නායකත්වය දරන උතුර වොරියර්ස් පිලට දසුන් ශානක, අකිල ධනංජය සහ භානුක රාජපක්ෂ ක්‍රීඩා කරති. සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග, නායක දිනේෂ් චන්දිමාල් සමග දකුණ වොරියර්ස් පිලට එක්ව සිටිති.
අවිෂ්ක ප්‍රනාන්දු, ධම්මික ප්‍රසාද් සහ නුවන් ප්‍රදීප් තිදෙනා තිසර පෙරේරා නායකත්වය දරන බස්නාහිර කණ්ඩායමට ක්‍රීඩා කරති. අසේල ගුණරත්න නායක්තවය දරන නැගෙනහිර කණ්ඩායමට කුසල් මෙන්ඩිස්, සඳුන් වීරක්කොඩි සහ චතුරංග ද සිල්වා ආරාධිත ක්‍රීඩකයෝ ලෙස ඇතුළත්ව සිටිති.
ආරාධිත ක්‍රීඩකයන් තිදෙනා සහ යුද හමුදා ක්‍රීඩකයන් 15 දෙනෙකු සමගින් එක් කණ්ඩායමක් ක්‍රීඩයන් 18 දෙනෙකුගෙන් සමන්විත වේ. සෑම කණ්ඩායමක්ම නායකයාට අමතරව ආරාධිත ක්‍රීඩකයන් දෙදෙනකු සහ යුද හමුදා ක්‍රීඩකයන් 8 දෙනකු සමගින් තරග සඳහා සහභාගි විය යුතුය. එම යුද හමුදා ක්‍රීඩකයන් 8 දෙනාගෙන් දෙදෙනකු වයස 23 න් පහළ ක්‍රීඩකයන් වීමද අනිවාර්ය වේ.
ලීග් ක්‍රමයට අනුව පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේ තරග දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මූලික වටය අවසානයේදී වැඩිම ලකුණු ලබාගන්නා කණ්ඩායම් දෙක අතර අවසන් මහ තරගය ඔක්තෝබර් මස 17 වැනිදා සාලියපුර ගජබා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මූලික වටයේදී එක් කණ්ඩායමක් සෙසු කණ්ඩායම් සමග තරග 2 කට බැගින් සහභාගී වන අතර එහිදී ජයග්‍රහණයක් සඳහා ලකුණු 4 ක් හිමිවේ. ලකුණු සම වීමෙන් අවසන් වන තරගයක් සඳහා ලකුණු 2 ක්ද, විසඳුමකින් තොරව නිමාවන තරගයක් සඳහා එක් ලකුණක්ද හිමිවනු ඇත.
තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ශූරතා කුසලාන සමග රුපියල් 150,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන අතර අනු ශූරතාව හිමිකරගන්නා කණ්ඩායමට අනු ශූරතා කුසලාන සමග රුපියල් 75,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමේ. තරගාවලියේ වීරයා, දක්ෂතම පිතිකරුවා සහ දක්ෂතම පන්දු යවන්නා සඳහා රුපියල් 25,000 ක් බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමීමටද සංවිධායකයෝ සූදානමින් සිටිති.
උතුර කණ්ඩායමේ අනුග්‍රාහකයා ලෙස සුපර් ෆැෂන් ආයතනයද, දකුණ කණ්ඩායමේ අනුග්‍රාහකයා ලෙස ඩීමෝ ආයනයද, බස්නාහිර කණ්ඩායමේ අනුග්‍රාහකයා ලෙස මෙල්බන් සහ ඒ.පී.ටී.එස්. පුද්ගලික සමාගම්ද, නැගෙනහිර කණ්ඩායමේ අනුග්‍රාහකයා ලෙස ප්‍රීමා සමාගමද කටයුතු කරයි.
තරගාවලියේ කාල සටහන
5 වැනිදා
- මෙල්බන් බස්නාහිර පිල සහ සුපර් ෆැෂන් උතුර පිල අතර
- ඩීමෝ දකුණ පිල සහ ප්‍රීමා නැගෙනහිර පිල අතර
6 වැනිදා
- ප්‍රීමා නැගෙනහිර පිල සහ සුපර් ෆැෂන් උතුර පිල අතර
- ඩීමෝ දකුණ පිල සහ මෙල්බන් බස්නාහිර පිල අතර
8 වැනිදා
- මෙල්බන් බස්නාහිර පිල සහ ප්‍රීමා නැගෙනහිර පිල අතර
- සුපර් ෆැෂන් උතුර පිල සහ ඩීමෝ දකුණ පිල අතර
9 වැනිදා
- ඩීමෝ දකුණ පිල සහ ප්‍රීමා නැගෙනහිර පිල අතර
- සුපර් ෆැෂන් උතුර පිල සහ මෙල්බන් බස්නාහිර පිල අතර
10 වැනිදා
- මෙල්බන් බස්නාහිර පිල සහ ඩීමෝ දකුණ පිල අතර
- ප්‍රීමා නැගෙනහිර පිල සහ සුපර් ෆැෂන් උතුර පිල අතර
13 වැනිදා
- සුපර් ෆැෂන් උතුර පිල සහ ඩීමෝ දකුණ පිල අතර
- ප්‍රීමා නැගෙනහිර පිල සහ මෙල්බන් බස්නාහිර පිල අතර
17 වැනිදා - අවසන් මහ තරගය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.