Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යුනිස් - මිස්බා පාකිස්තානය ගලවා ගැනීමේ සටනක

යුනිස් - මිස්බා පාකිස්තානය ගලවා ගැනීමේ සටනක

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (10) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 223 ක ඉලක්කය හඹායන පාකිස්තානු පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටියේය.

පාකිස්තනු පිල කඩුලූ 6 ක් ඇතැතිව තවත් ලකුණු 91 ක් පිටු පසින් සිටි අතර අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ක‍්‍රීඩාව නතර කරන විට යුනිස් ඛාන් (නොදැවී 62) සහ මිස්බා උල් හක් (නොදැවී 53) පන්දුවට පහර දෙමින් සිටියහ.

ශ‍්‍රී ලංකා පිල අද දිවා විවේකයට පෙර පළමු ඉනිම සදහා සියලූ දෙනා දැවී ලකුණු 388 ක් රැස්කරමින් ලකුණු 223 ක් පෙරමුණට ඒමට සමත් විය.

නුවන් ප‍්‍රදීප් සහ රංගන හේරත් හමුවේ සටන්කාමී පිතිහරඹයක නිරත වූ යුනිස් ඛාන් සහ මිස්බා උල් හක් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 113 ක නොබිදුණු සම්බන්ධතාවක් පවත්වමින් පාකිස්තානු පිල ශක්තිමත් තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.

නුවන් ප‍්‍රදීප් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පළමු ඉනිමේදී අර්ධ ශතකයක් රැස්කළ කුරාම් මන්ෂූර් පිටියෙන් ඉවත් කරමින් පාකිස්තානය අසීරු අඩියකට ඇද දැමීය. නුවන් ප‍්‍රදීප් පාකිස්තානු පිලේ ප‍්‍රබලතම පිතිකරුවකු වන මොහොමඞ් හෆීෂ්ගේ ඉනිම ලකුණු 1 කට සීමා කරමින් තමන් ශ‍්‍රී ලංකා ටෙස්ට් පිලට අත්‍යඅවශ්‍ය පන්දු යවන්නකු බවට ඉගි කළේය.

පාකිස්තානු දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස අහ්මඞ් ශෙෂාඞ් (09) රංගන හේරත්ගේ පන්දුවකට දිවා විවේකයට පෙර දැවී ගියේය.

පන්දු රැකීමට යෑමේදී තුවාල ලබා වම් අතේ මැහුම් තුනක් දමා සිටින මහේල ජයවර්ධනගේ අති විශිෂ්ට ඉනිම ලකුණු 129 කට සීමා වෙමින් සයිඞ් අජ්මාල්ගේ පන්දුවකට අටවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. මහේල පන්දු 279 ක ඉනිමේ පන්දු 15 ක් හතරේ සීමාව පසු කර යැවීය.

තිස්හය හැවිරිදි මහේල මේ වන විට ටෙස්ට් තරග 140 කදී ලකුණු 10,940 ක් රැස්කර තිබේ. ටෙස්ට් ලකුණු 11,000 සම්පූර්ණ කළ ශ‍්‍රී ලංකාවේ පළමු ක‍්‍රීඩකයා මෙන්ම ලෝකයේ 8 වැනි ක‍්‍රීඩකයා වීමට මහේල තමත් ලකුණු 60 ක් පිටු පසින් සිටියි.

ප‍්‍රසන්න ජයවර්ධන (09) සහ රංගන හේරත් (06) ලකුණු 7 ක් තුළ දැවී යෑමෙන් ශ‍්‍රී ලංකා පිල  ලකුණු 348 කට කඩුලූ 7 ක් බවට පත් විය. තරගයේ තෙවැනි දිනය වූ ඊයේ පෙරවරුවේ නායක ඇන්ජලෝ මැතිව්ස් (42) පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.

තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (09) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශ‍්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 318 ක් රැස් කරමින් ප‍්‍රබල තත්ත්වයක පසුවිය.

හෙට (11) තරගයේ සිවුවැනි දිනයයි.

 

ලකුණු පුවරුව


අදහස් (1)

යුනිස් - මිස්බා පාකිස්තානය ගලවා ගැනීමේ සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.