Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යොවුන් ලීගයේ අවසන් පූර්ව වටය ඇරඹේ

යොවුන් ලීගයේ අවසන් පූර්ව වටය ඇරඹේ

editorial - 2024 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

රට තුළ පැවැති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් කල් දමනු ලැබූ වයස 15 න් පහළ ප්‍රීමා යොවුන් ලීග එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග හෙට (4 වැනිදා) සහ අනිද්දා (5 වැනිදා) කොළඹ රාජකීය විදුහල් සහ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතය. 

තරගාවලිය කල් දමන විට එහි මූලික වටයේ තරග 10 න් 8 න් නිමාවට පත්ව තිබූ අතර ඉන් තරග 2 ක් වර්ෂාව හේතුවෙන් ජය පැරදුමකින් තොරව අවසන්ව තිබිණ. මූලික වටයේ ඉතිරි තරග දෙක ඊයේ (2 වැනිදා) පැවැති අතර එහිදී දඹුල්ල සහ කොළඹ දකුණ කණ්ඩායම් ජය වාර්තා කළේය. 

තරගාවලියට සහභාගි වූ කණ්ඩායම් 5 න් ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන 4 ට ඇතුළත් වූ කොළඹ දකුණ, දඹුල්ල, මහනුවර සහ කොළඹ උතුර යන කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින අතර එක් තරගයක් හෝ ජයගත නොහැකි වූ ගාල්ල කණ්ඩායමට මූලික වටයෙන්ම ඉවත්වීමට සිදු විය. 

රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී හෙට පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී කොළඹ දකුණ කණ්ඩායමට එරෙහිව කොළඹ උතුර කණ්ඩායමද, තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී අනින්දා පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේදී දඹුල්ල කණ්ඩායමට එරෙහිව මහනුවර කණ්ඩායමද තරග බිමට පිවිසෙනු ඇත. 

මූලික වටයේදී සහභාගි වූ තරග 4 ම ජයගනිමින් කොළඹ දකුණ කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර දඹුල්ල සහ මහනුවර කණ්ඩායම් අවසන් පූර්ව වටයට පිවිසියේ තරග 2 බැගින් ජයගනිමිනි. මූලික වටයේදී එක් තරගයක් හෝ ජයගැනීමට නොහැකි වුවද, ලබා සිටි ශුද්ධ ලකුණු වේගය අනුව කොළඹ දකුණ කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. 

තරගාවලියේ අවසන් මහ තරගය අවසන් පූර්ව තරගවලින් ජය ලබන කණ්ඩායම් අතර එළබෙන 6 වැනිදා කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 2007 වසරේ සිට සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ටී්‍රස්හි සමාගමේ ප්‍රධාන අනුග්‍රහය යටතේ මෙම තරගාවලිය පැවැත්වේ. 

 


අදහස් (0)

යොවුන් ලීගයේ අවසන් පූර්ව වටය ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.