Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මීළඟ 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා සහ ඉන් ඔබ්බට යොවුන් ක්‍රීඩකයන්ගේ සංචිතයක් ගොඩනැගීමේ පළමු පියවර ලෙස වයස අවුරුදු 19න් පහළ යොවුන් ලීග් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. ඒ සඳහා විධායක කමිටුවේ අවසරය හිමිව තිබේ.
මංගල යොවුන් ලීග් තරගාවලිය තරගාවලිය කොළඹ (දකුණ), කොළඹ (උතුර), ගාල්ල, මහනුවර සහ දඹුල්ල යන කණ්ඩායම් 05 ක සහභාගීත්වයෙන් ජුනි 19 සිට 28 දක්වා මහනුවරදී පැවැත්වේ.
මෙම තරගාවලිය සඳහා වන කණ්ඩායම් කනිෂ්ඨ තේරීම් කමිටුව විසින් තෝරා ගැනීමට නියමිතය. කණ්ඩායමකට ක්‍රීඩකයන් 15 දෙනකු ඇතුළත් වනු ඇත.
ඕවර 50 තරගාවලියක් පැවැත්වෙන අතර ඊට තරග 11ක් අයත් වේ. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහ අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සියළුම තරග පැවැත්වේ.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.