Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රංගන අපව ඉහළින් තිබ්බා - මාලිංග

රංගන අපව ඉහළින් තිබ්බා - මාලිංග

ශනුක අරවින්ද - 2014 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්ත පිලට එරෙහිව රංගන හේරත් විසින් පවත්වාගෙන යනු ලබන සාර්ථක තරග වාර්තාව නිසා ඔහු කණ්ඩායමට ඇතුළත් කළ බවත් අවශ්‍යම මොහොතේදී කඩුලූ දවාගනිමින් රංගන හේරත් විසින් ශී‍්‍ර ලංකා කණ්ඩයම නවසීලන්ත පිලට වඩා ඉහළට ඔසවන ලද බවත් ලසිත් මාලිංග පවසයි.

බංග්ලාදේශයේ චිතගොන් නුවරදී ඊයේ (31 වැනිදා) පැවැති තීරණාත්මක තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙයවමින්, විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා තම කණ්ඩායම රැුගෙන ගිය ලසිත් මාලිංග, තරගයෙන් අනතුරුව එසේ පැවසීය. ශී‍්‍ර ලංකා වි:20 පිලේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් තරග තහනමකට ලක්වීම නිසා ලසිත් මාලිංග ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙයවීය.

”රංගන අයියා කණ්ඩායමට ඇතුළත් කරන සෑම අවස්ථාවකදීම ඒ ගොල්ලන්ට (නවසීලන්ත පිලට) එරෙහිව හොඳින් කී‍්‍රඩා කරල තිබුණා. විශේෂයෙන්ම රොස් ටේලර්ව දවාගෙන තිබුණා. මගේ බලාපොරොත්තුව වුණේ කෙසේ හෝ රංගන අයියා ලවා නවසීලන්ත පිලේ ඉදිරිපෙළ පිතිකරුවන්ට පන්දු යවන්න”

”රංගන අයියාත් සාර්ථක වුණා. මම ගත්ත තීරණයත් හරිගියා” යයි ලසිත් මාලිංග පැවසීය.

විස්සයි:20 තරගයකදී ලකුණු 119 ක් යනු ඉතාමත් අනාරක්‍ෂිත ලකුණු සංඛ්‍යාවකි. එහෙත් තණතීරුව හැසිරුණු ආකාරයට පළමු පන්දු  ඕවර 6 සාර්ථකව යවාගතහොත් ලකුණු 119 ත් ප‍්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් බවට පෙරළාගත හැකි බව ශී‍්‍ර ලංකා කණ්ඩායම වටහාගෙන තිබිණ.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ මූලික අරමුණ වුයේ පළමු  ඕවර හය අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමයි.

”පළමු  ඕවර හය හරියට යවාගත්තොත් ඊළග  ඕවර වලදී ඔවුන්ට ලකුණු 7 ක විතර වේගයක් පවත්වාගෙන යන්න වෙන බව අපි දැනගෙන හිටියා. ඕවරයකදී ලකුණු 7 ක වේගයක් පවත්වාගෙන යන්න නම් හැම  ඕවරයකදීම හතරේ පහරක් හෝ හයේ පහරක් ගහන්න  ඕනේ..ඒ නිසා අපි සැලසුම් කළේ පළවෙනි පන්දු  ඕවර කිහිපය ලකුණු අඩුවෙන් යවාගන්නයි”

”රංගන අයියා ඒ වෙලාවෙදි හොඳින් පන්දු යවලා කඩුලූ ලබාගත්ත හින්දා නවසීලන්තයට වඩා උඩින් ඉන්න අපට අවස්ථාව ලැබුණා” යයිද මාලිංග පැවසීය.

ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර තරගය පැවැති තණතීරුවේ තරග පහක් හෝ හයක් කී‍්‍රඩා කර තිබුණ බවත් එනිසාම තණතීරුව මන්දගාමී වන බවත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ දැන සිටියහ. ඔවුන් කටයුතු කළේ එම තත්ත්වය තේරුම් ගනිමිනි.

”මීට පෙර පැවැති තරගයේදීත් (එංලන්තය සහ නෙදර්ලන්තය අතර තරගය) පිිතිකරුවන් පන්දුවට පහර දුන්නේ අමාරුවෙන්. පන්දුව පිත්තට ආවේ නෑ. අපි බලාපොරොත්තු වුණේ උපරිම ලකුණු සංඛ්‍යාවකට යන්නයි. ඒත් අපි ලකුණු සංඛ්‍යාවක් ඉලක්ක කළේ නෑ”

”පින්න නොතිබුණ හින්දා පිට්ටනියේ වැඩිපුර වතුර තිබුණේ නෑ. ඒ නිසා අපි දැනගෙන හිටියා ලකුණු 120 ක් කියන්නේ අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් වෙන බව...”

”පින්න නොතිබුණ නිසා දග පන්දු යවන්නන්ට පන්දුව හොඳින් ග‍්‍රහණය කරගන්න ලැබුණා. ඒකත් අපේ වාසියට හිටියා” යයි මාලිංග වැඩිදුරටත් පැවසීය.

ශී‍්‍ර ලංකා කණ්ඩායම අනිද්දා (3 වැනිදා) තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයට සහභාගි වේ. මිර්පූර්හි ශ්රේ බංග්ලා ජාතික කී‍්‍රඩාංගණයේදී පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර අද (1 වැනිදා) පැවැති තරගයේ ජයග‍්‍රාහී කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා පිල අතර පළමු අවසන් පූර්ව තරගය පැවැත්වේ.

 


අදහස් (0)

රංගන අපව ඉහළින් තිබ්බා - මාලිංග

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.