Last Update  :  2024-09-18 20:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රණබිම රාජකීය තෙවැනි වටයට

රණබිම රාජකීය තෙවැනි වටයට

editorial - 2024 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන අවුරුදු 17 න් පහළ III වැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වටයට සුදුසුකම් ලැබීමට ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලය සමත්විය.

ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි වටයේ තරගයකදී ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලය විසින් මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලය කඩුලු 8 කින් පරාජය කරන ලදි. 

මෙම තරගයේදී ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ උමාල් විජේසූරිය ලකුණු 06 කට කඩුලු 6ක් දවාලීය.

 

මැණික්දිවෙල මධ්‍ය විද්‍යාලය - ඕවර 21.2 කදී සියලු දෙනා දැවී 49 යි.
(උමාල් විජේසූරිය 06/6, රන්දේව් ප්‍රියදර්ශන 15/2)

ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලය - ඕවර 7.5 කදී කඩුලු 2 ට 52යි 
(උපේක සෙනෙවිරත්න නොදැවී 30)


අදහස් (0)

රණබිම රාජකීය තෙවැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.