Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රණබිම රාජකීය - ඇඹිලිපිටිය ජනාධිපති විදුහල් අවසන් මහ තරගය ඉරිදා කොළඹ දී
15න් පහළ ක්‍රිකට්

රණබිම රාජකීය - ඇඹිලිපිටිය ජනාධිපති විදුහල් අවසන් මහ තරගය ඉරිදා කොළඹ දී

editorial - 2024 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ අන්තර් පාසල් III වැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ඉරිදා (24) කොළඹ නාලන්දා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ගන්නෝරුව රණබිම රාජකීය  විද්‍යාලය සහ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය අතර මෙම අවසන් මහ තරගය පැවැත්වෙයි. 

ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලය, අර්ධ අවසන් පූර්ව වටයේදී  ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලය පරදවමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර, අවසන් පූර්ව වටයේදී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය පරදවමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය. 

අර්ධ අවසන් පූර්ව වටයේදී මාතර ඌරුබොක්ක ජාතික පාසල පරදවමින්  අවසන් පූර්ව වටයට පිවිසි 
ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය එහිදී නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසල පරදවමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාල පිල දිනෙත් ගම්ලත් විසින්  මෙහෙයවනු ලබයි. ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාල පිල මෙහෙයවනු ලබන්නේ  නෙළුෂ නෙත්සර විසිනි. 

 

ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලය සංචිතය: 
දිනෙත් ගම්ලත් (නායක), සුපුල් මීගහකොටුව, යෂේන් ද සිල්වා, දෙනුවන් ආරියසිංහ, චමෝද් නිලංජන, වත්මීර සමරකෝන්, ඉඳුවර දිසානායක, ශෂිකුමාර් වියාසන්, නෙත්මල් ප්‍රේමරත්න, කවිෂ්ක තෙන්නකෝන්, දිඝායු විජේකෝන්, රුසායික් අහමඩ්, නේජ රණසිංහ, කවිෂ්කර් මහේෂ්වරන්, චේනුක දේශාන්ත, ශානුක ආකාශ් සහ තනුවර සදත් 
සම්පත් ද සිල්වා මහතා (පුහුණුකරු) සහ අනුර චන්ද්‍රසිරි මහතා (කණ්ඩායම් භාර ආචාර්ය) 

 


ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාල සංචිතය: 
නෙළුෂ නෙත්සර (නායක), මළිඳු රංගන, රගීත් රන්දීර, යුගීත් රන්දිනු, යසිරු අබේසේකර, ලිතුම් සත්සිත, දිනිත් සංචල, ප්‍රභාෂණ රුවින්, තිසර රණසිංහ, බී. කේ. බටගොඩ, ගිහාන් ගිම්සර, ගිත්මින ප්‍රේමරත්න, සචින්ත දිල්ශාන්, එස්. එල්. රත්නායක, පවන් හංසන, එම්.එස්. සස්විදු, සෙනුජ වින්සර, ජී. ජී. ජිත්මාන්, ඩුලාන් මල්මිත සහ ඉෂාන් තාරක, 
නිශාන්ත පුෂ්පකුමාර මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), ආනන්ද විජේනායක මහතා (ප්‍රධාන පුහුණුකරු) සහ ඒ. ඩී. එස්. මනෝජ් මහතා (සහාය පුහුණුකරු)


අදහස් (0)

රණබිම රාජකීය - ඇඹිලිපිටිය ජනාධිපති විදුහල් අවසන් මහ තරගය ඉරිදා කොළඹ දී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.