Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගන්කන්ද මධ්‍ය විද්‍යාලය සහ රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලය අතර ගන්කන්ද මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති 10 වැනි ‘රන්මිණි හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය කඩුලු 7 කින් ජයගැනීමට සීවලි මධ්‍ය විද්‍යාලය අද (12 වැනිදා) අවසන්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 78 ක ඉලක්කයක් හඹාගිය සීවලි මධ්‍ය විද්‍යාල කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.
නුවින් චාරුල ලකුණු 37 ක් සහ සුකිත දම්සර නොදැවී ලකුණු 23 ක් රැස්කරමින් සීවලි මධ්‍ය විද්‍යාල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
සීවලි මධ්‍ය විද්‍යාලය පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 111 ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ ගන්කන්ද මධ්‍ය විද්‍යාලයට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 188 ක් පමණි.
හුදකලා සටනක නිරවෙමින් දක්ෂ පිතිහරඹයක නිරවූ දිනූෂ සඳරුවන් (නොදැවී 100) ශතකයක් ලබාගනිමින් සිය පාසල පරාජයෙන් ගලවා ගැනීමට ගත් උත්සහය අපතේ ගියේය. පන්දු 136 කට මුහුණදුන් දිනූෂගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 15 කින් අලංකාර විය.
පළමු ඉනිමේදී ලබාගත් කඩුලු 6 ත් සමගින් ලකුණු 63 කට කඩුලු 11 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීමට සීවලි මධ්‍ය විද්‍යාලයේ ඊෂාන් මාලිංග සමත්විය.
පළමු දිනය අවසන් වනවිට ගන්කන්ද මධ්‍ය විද්‍යාලය පළමු ඉනිමට කඩුලු 2 ක් දැවී ලකුණු 42 ක් රැස්කර සිටියද අද දින ඉතිරි කඩුලු 8 ලකුණු 50 ක් තුල දවාගැනීමට දක්ෂ පන්දු යැවීමක නිරතවූ ඊෂාන් මාලිංග සහ සුකිත දම්සර සමත්වූහ.
ඊෂාන් මාලිංග ලකුණු 28 කට කඩුලු 6 ක් දවාගත් අතර සුකිත දම්සර ලකුණු 36 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය සීවලි මධ්‍ය විද්‍යාලයේ ඊෂාන් මාලිංගට හිමිවූ අතර එම විදුහලේම සුකිත දම්සර දක්ෂතම පන්දු යවන්නා ලෙසත් ආකාශ් මාලින්ද දක්ෂතම පන්දු රකින්නා ලෙසත් සම්මාන දිනාගැනීමට සමත්වූහ. ගන්කන්ද මධ්‍ය විද්‍යාලයේ දිනූෂ සඳරුවන් දක්ෂතම පිතිකරුවාට හිමි සම්මානය දිනාගත්තේය.
සීවලි මධ්‍ය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 53.5 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 203
(කවිෂ්ක මෙදලගම 70, හිරූෂ විදුරංග 69, නුවින් චාරුල 22, ළහිරු ප්‍රනාන්දු 40/3, ජනිත් ලක්ෂාන් 46/3, පුබුදු ශෂීලාල් 77/3)
ගන්කන්ද මධ්‍ය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 35.5 කදී සියලුදෙනා දැවී ලකුණු 92
(සචිත් ද සිල්වා 30, ජනිත් ලක්ෂාන් නොදැවී 21, ඊෂාන් මාලිංග 28/6, සුකිත දම්සර 36/4)
ගන්කන්ද මධ්‍ය විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 50.2 කදී සියලුදෙනා දැවී ලකුණු 188
(දිනූෂ සඳරුවන් නොදැවී 100, පුබුදු සෂීලාල් 27, ඊෂාන් මාලිංග 35/5)
සීවලි මධ්‍ය විද්‍යාලය - දෙචැනි ඉනිම - ඕවර 8 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 78
(නුවින් චාරුල 37, සුකිත දම්සර නොදැවී 23, ළහිරු ප්‍රනාන්දු 40/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.