Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ගම්පහ දිස්ත්‍රික්කයේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ප්‍රමුඛතම කතෝලික පාසල් දෙකක් වන වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලය සහ වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය අතර වන දෙවැනි රන් මුසු නීල සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය, අප්‍රේල් මස 25 සහ 26 යන දිනවල කොළඹ පී. සරවනමුත්තු (ඕවල්) ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම වාර්ෂික මහා ක්‍රිකට් තරගය පසුගිය වසරේදී ආරම්භ විය. එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම නිසා මෙවර තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් දෙපිලම දැඩි සටනක නිරතවනු ඇත.
වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලය මෙවර වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේදී 'බී' තලයේ ක්‍රීඩා කළ අතර ඉහළ දක්ෂතා දැක්වීමට අවස්ථාව අහිමිවිය. වයස අවුරුදු 19න් පහළ දෙවන කොටසේ 'ඒ' තලයේ ක්‍රීඩා කළ වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය දෙදින තරගාවලියේදී මෙන්ම එක්දින තරගාවලියේ ද ශූරයින්
බවට පත්විය. ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය ඉදිරි තරගවාරයේ සිට පළමු කොටසේ 'බී' තලයට උසස්වීම් ලබා සිටියි.
වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලය චමෝද් සංදීපගේ නායකත්වයෙන් තරග කරන අතර වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය කවිත් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුතුව මෙවර තරගයට එක්වනු ඇත.
වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලයීය සංචිතය:
ඉදිරි පෙළ වාඩිවී (වමේ සිට දකුණට)
කවිත් ප්‍රනාන්දු (නායක), ධනුක නිර්මාල් මහතා (සහාය පුහුණුකරු), සුරේකා දිල්හානි මහත්මිය (කණිෂ්ඨ ක්‍රිකට් භාර ආචාරිනී), අනුෂා ගීතානි මහත්මිය (නියෝජ්‍ය විදුහල්පති), ගරු ප්‍රියංජීව ගුණරත්න පියතුමා (විදුහල්පති), රන්දීර දිනේෂ් මහතා (ක්‍රීඩා භාර ආචාර්ය සහ ක්‍රිකට් භාර ආචාර්ය), දෙනුවන් රාජකරුණා මහතා (ප්‍රධාන පුහුණුකරු) සහ හංස මිහිරංග (උප නායක)
මැද පෙළ සිටගෙන (වමේ සිට දකුණට)
හේෂාන් රත්නායක, ඩේමියන් ප්‍රසංසන, පසල් මෙන්තුස, ඉසුරු ජයසේකර, අමල් පෙරේරා, යසිත් කරුණාරත්න, හිමාල් රවිහංස, රනීෂ නිම්සර, සෙනුජ දම්සිතු
පසු පෙළ සිටගෙන (වමේ සිට දකුණට)
ඩොමිනික් සාවියෝ, ෂෙනාන් ප්‍රනාන්දු, දුමිඳු රසාංජන, විමුක්ති ඉෂාර, ආකර්ෂ වර්ණකුලසූරිය, අනුහස් සුබසිංහ, මතිෂාන් ප්‍රනාන්දු, විදස් ලියනගේ
වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයීය සංචිතය:
ඉදිරි පෙළ වාඩිවී (වමේ සිට දකුණට)
තරිඳු රුක්ෂාන් මහතා (ප්‍රධාන පුහුණුකරු), විජයකුමාර් දනුෂාන් මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), චමෝද් සංදීප (නායක), සරෝජිනි විජේසිංහ මහතමිය (විදුහල්පති), කවිඳු සේනාධි (උප නායක), රොමේෂ් සුරංග මහතා (සහාය පුහුණුකරු)
මැද පෙළ සිටගෙන (වමේ සිට දකුණට)
විශ්මිත් සරෝජ්, පසිඳු රශ්මික, මොහොමඩ් හිරාස්, තරුෂ ප්‍රනීත්, ආකාෂ් තේජක, චාමර ලක්ෂාන්
පසු පෙළ සිටගෙන (වමේ සිට දකුණට)
සදීස කාවින්ද, හිවින් සොනාත්, හිතේෂ් රුවන්ද, චෙතින් දිල්සරු, ෂැනෙල් තිමාන, ෂෙහාර දෙව්තිලිණ, රිද්ම භාෂික, හර්ෂ වීරසූරිය, සසිඳු අවිශ්ක, කවිඳු විහඟ, නිපුන් සංකලණ, තුවාන් හෆීස්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.