Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රයිනාගේ ඉනිමෙන් චෙන්නායි පිලට ලකුණු 54 ක ජයක්

රයිනාගේ ඉනිමෙන් චෙන්නායි පිලට ලකුණු 54 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියේ මූලික වටයේ 8 වැනි තරගය ලෙස චෙන්නායි සුපර්කිංස් පිල සහ ඩොල්ෆින්ස් පිල අතර බැංගලෝර්හිදී අද (22 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 54 ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර්කිංස් පිල සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 243 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ඩොල්ෆින්ස් පිලට නියමිත  ඕවර 20 අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 188 ක් පමණි.

ඩොල්ෆින්ස් පිලේ පිතිකරුවන් 5 දෙනකුම ලකුණු 10 ට වඩා අඩුවෙන් දවාගැනීමට චෙන්නායි පිලේ පන්දුයවන්නන් සමත් වූ අතර දක්ෂ පන්දු යැවීමක නිරතවූ මෝහිත් ශර්මා ලකුණු 41 කට කඩුලූ 4 ක් දවාගත්තේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර්කිංස් පිල නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 242 ක් ලබාගත්තේය.

එහිදී ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරවූ සුරේෂ් රයිනා පන්දු 43 කදී දැවැන්ත හයේ පහර 8 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 90 රැස්කරමින් තරගයේ වීරයා බවට පත්විය.

චෙන්නායි පිලේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් බ්‍රෙන්ඩන් මැකලම් (49) සමග එක්ව පන්දු 45 කදී ලකුණු 91 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රයිනා, තෙවැනි කඩුල්ල වෙනුවෙන් ෆෆ් ඩුප්ලෙසි (30) සමග එක්ව පන්දු 36 කදී ලකුණු 65 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

පන්දු 29 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 49 ක් ලබාසිටියදී බ්‍රෙන්ඩන් මැකලම් ඉතා අවාසනාවන්ත ලෙස අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේය.  

අවසන්  ඕවර කිහිපය තුළදී වේගවත් ඉනිමක් කී‍්‍රඩා කළ රවින්ද්‍ර ජදේජා පන්දු 14 කදී ලකුණු 40 ක් රැස්කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනූ ඩොල්ෆින්ස් පිල පළමුවෙන් පන්දුවට පහරදීම  සඳහා චෙන්නායි සුපර්කිංස් පිලට ආරාධනා කර සිටියේය.

චෙන්නායි සුපර්කිංස් පිල - ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 242
(බ්‍රෙන්ඩන් මැකලම් 49, සුරේෂ් රයිනා 90, ෆෆ් ඩුප්ලෙසි 30, රවින්ද්‍ර ජදේජා 40, රූබි ෆ‍්‍රලින්ක් 52/2)

ඩොල්ෆින්ස් පිල - ඕවර 20 කදී සියලූ දෙනා දැවී 188
(මෝර්නි වැන් වයික් 17, කැමරන් ඩෙල්පෝර්ට් 34, කෝඩි චෙට්ටි 38, වෝගන් වැන් ජාර්ස්වෙල්ඞ් 30, ඇන්ඩිල් පිලූක්වායෝ 22, කේ‍්‍රග් ඇලෙක්සැන්ඩර් නොදැවී 16, මෝහිත් ශර්මා 41/4, ඞ්වේන් බ‍්‍රවෝ 17/2, අශීෂ් නෙහෙරා 42/2)

-036

 


අදහස් (0)

රයිනාගේ ඉනිමෙන් චෙන්නායි පිලට ලකුණු 54 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.