Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රවීන් - රෂාන් නාලන්දා පිල ඔසවා තබති

රවීන් - රෂාන් නාලන්දා පිල ඔසවා තබති

යොහාන් භාසුර - 2020 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රවීන් ද සිල්වා (නොදැවී 100) සහ රෂාන් දිසානායක (නොදැවී 77) පස්වැනි ගොඩනැගූ ලකුණු 159 ක වේගවත් සම්බන්ධතාව නිසා එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (07) ආරම්භ වූ කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර 91 වැනි ‘සුලෝහිත සංග්‍රාම’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනයේදී නාලන්දා විදුහල ලකුණු 228 ක වාසියක් ලබාගැනීමට සමත් විය.

පළමු දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට ආන්නද විදුහල කඩුලු පහක් දැවී ලකුණු 79 ක් පමණක් ලබා අසීරු තත්ත්වයකට පත්ව සිටියේය.

ඒ අනුව පළමු දිනය අවසන් වන විට නාලන්දා විදුහල තවත් ලකුණු 228 ක් ඉදිරියෙන් සිටියි.

කාසියේ වාසිය ලැබූ ආනන්ද විදුහලේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් නාලන්දා විදුහල කඩුලු හතරක් දැවී ලකුණු 307 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය.

එහිදී රවීන් ද සිල්වා (නොදැවී 100) සහ රෂාන් දිසානායක (නොදැවී 77) ක්‍රියාත්මක වෙමින් පස්වැනි කඩුල්ලට අනපේක්‍ෂිත ලකුණු 159 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් නාලන්දා විදුහල තරගයේ වාසිය ලැබීය.

රවීන් ද සිල්වා පන්දු 81 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර හතරක් සමගින් ශතකය සම්පූර්ණ කිරීමට සමත් විය.

රෂාන් දිසානායක පන්දු 75 කදී හතරේ පහර 12 ක් සමගින් නොදැවී ලකුණු 77 රැස් කළේය.

හෙට (08) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.

නාලන්දා විදුහල පළමු ඉනිම ඕවර 54.5 කදී කඩුලු 4 ට 307
(අවිෂ්ක පෙරේරා 26, රනිඳු ද සිල්වා 28, චමිඳු විජේසිංහ 56, රවීන් ද සිල්වා නොදැවී 100, රෂාන් දිසානායක නොදැවී 77, දිනෙත් නිශ්ශංක 34/2)

ආනන්ද විදුහල පළමු ඉනිම ඕවර 27 කදී කඩුලු 5 ට 79
(නෙත්ම කරුණාරත්න නොදැවී 23, ජිතේෂ් වාසල 24/3)

 


අදහස් (0)

රවීන් - රෂාන් නාලන්දා පිල ඔසවා තබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.