Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාජකීයන්ට පළමු ඉනිමේ ජයක්

රාජකීයන්ට පළමු ඉනිමේ ජයක්

දිලිනි මල්රුක්ෂි - 2013 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ රාජකීය විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර බී.ආර්.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ඉසිපතන විද්‍යාලය ලකුණු 145 කට දවා ගන්නට රාජකීය විද්‍යාලයීය පන්දු යවන්නන් සමත්විය. දිලූක ශෙහාන් (50) අර්ධ ශතකයක් ලබා ගත් අතර මලිත් කාරියවසම් ලකුණු 10 කට කඩුලූ 4 ක් ද ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 32 කට කඩුලූ 3 ක්ද ලබා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

පිළිතුරු ඉනිම ඇරැුඹු රාජකීය පිතිකරුවන් ලකුණු 229 කට දැවී ගිය අතර හශේන් රාමනායක (59) සහ රන්දිව් පතිරණ (58) අර්ධ ශතක ලබා ගත් අතර අවින්ද සොයිසා ලකුණු 60 කට කඩුලූ 5 ක්ද චමීර දිසානායක ලකුණු 87 කට කඩුලූ 4 ක්ද දවා ගැනීමට සමත්විය.

දෙවන ඉනිම අරඹන විට ලකුණු 84 ක් පිටුපසින් සිටි ඉසිපතන විද්‍යාලය දිනය අවසාන වනවිට කඩුලූ 6 කට ලකුණු 177 ක් රැස්කරගෙන සිටියේය. ප‍්‍රමෝද් මදුවන්ත නොදැවී ලකුණු 75 ක් ලබාගෙන ගත්තේය.

ඉසිපතන විදුහල පළමු ඉනිම  ඕවර 59.2 කදී සියලූ දෙනාම දැවී 145
(දිලූක ශෙහාන් 50, ප‍්‍රමෝද් මදුවන්ත 30, ටොරී තාබ‍්‍රෘ 23, මලිත් කාරියවසම් 10/4, ලසිත් ඇඹුල්දෙණිය 32/3, ඩෙවින් පද්මනාදන් 40/2)

රාජකීය විදුහල පළමු ඉනිම  ඕවර 69.2 කදී සියලූ දෙනාම දැවී 229
(හශේන් රාමනායක 59, රංදිව් පතිරණ 58, අනුප තිලකරත්න 39, ගීෂාත් පණ්ඩිතරත්න 28, අවින්ද සොයිසා 60/5, චමීර දිසානායක 87/4)

ඉසිපතන විදුහල දෙවන ඉනිම  ඕවර 65 කදී කඩුලූ 6 ක් දැවී 177
(ප‍්‍රමෝද් මදුවන්ත නොදැවී 75, අවින්ද සොයිසා 36, දිලූක ශෙහාන් 22, ඩෙවින් පද්මනාදන් 50/2)


අදහස් (0)

රාජකීයන්ට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.