Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 13 න් පහළ ක්රිකට් තරගාවලියේ I කොටසේ තරගයක් ලෙස ජා ඇල ක්රිස්තු රාජ විදුහල සහ මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල අතර ක්රිස්තු රාජ විදුහල් ක්රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට නාලන්දා මැදි විදුහල සමත් විය.
එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ රිසත් කිත්නද නොදැවී ලකුණු 102 ක් රැස්කරමින් කඩුලු 3 ක් දවාගත් අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ සුලක්ෂණ තීෂාන් ලකුණු 49 කට කඩුලු 10 ක් බිඳහෙළුවේය.
ක්රිස්තු රාජ විදුහල් පළමු ඉනිම - ඕවර 35.4 කදී සියලු දෙනා දැවී 117
(බිනර වික්රමසිංහ 24, දිල්නෝද් නොනිස් 45, ජනිරු වන්නිආරච්චි 22, සුලක්ෂණ තීෂාන් 24/8)
නාලන්දා මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 50 කදී කඩුලු 3 ක් දැවී 175
(රිසත් කිත්නද නොදැවී 102, සුලක්ෂණ තීෂාන් 21, දීපන සහන් නොදැවී 36)
ක්රිස්තු රාජ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 13 කදී කඩුලු 5 ක් දැවී 50
(දිල්නෝද් නොනිස් 23, රිසත් කිත්නද 25/3, සුලක්ෂණ තීෂාන් 25/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.