Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට් ශූරතාව ඉම්පීරියල් විද්‍යාලයට

රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට් ශූරතාව ඉම්පීරියල් විද්‍යාලයට

editorial - 2021 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ සෙන්ට්‍රල් විශ්ව විද්‍යාලයට එරෙහිව කඩුල්ලක තියුණු ජයක් වාර්තා කළ ඉම්පීරියල් විද්‍යාලය රෙඩ්බුල් කැම්පස් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් විය.

කොළඹ බී.ආර්.සී. ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 136 ක ඉලක්කයක් හඹාගිය ඉම්පීරියල් විද්‍යාලය කඩුලු 9 ක් දැවී අවසන් පන්දුවේදී එම ඉලක්කය පසුකර ගියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ සෙන්ට්‍රල් විශ්ව විද්‍යාලයට ඉම්පීරියල් විද්‍යාලයීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 135 ක් පමණි.

 

කොළඹ සෙන්ට්‍රල් විශ්ව විද්‍යාලය - ඕවර 20 කදී කඩුලු 8 කට 135
(අවිෂ්ක පෙරේරා 47, රොහාන් සංජය නොදැවී 38, රුසිරු දිනෙත් 23/2, සජිත් ද සිල්වා 36/2, රෙවාන් කේලි 23/2)

ඉම්පීරියල් විද්‍යාලය - ඕවර 20 කදී කඩුලු 9 කට 139
(තිවංක ලක්රුවන් 39, තරිඳු රොෂාන් 30, චමිඳු විජේසිංහ 33/3, නවෝද් පරණවිතාන 11/2, රොහාන් සංජය 15/2)  

-036

 


අදහස් (0)

රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට් ශූරතාව ඉම්පීරියල් විද්‍යාලයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.