Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රෝච් - ඩව්රිච් ආපසු ගෙදර යති

රෝච් - ඩව්රිච් ආපසු ගෙදර යති

editorial - 2020 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් පිලේ නවසීලන්ත සංචාරය සඳහා එක්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක කෙමාර් රෝච් සහ පිතිකරුවකු මෙන්ම කඩුලු රකින්නාද වන ෂේන් ඩව්රිච් තරගාවලිය අතහැර නැවතත් සිය රට බලා පිටත්ව ගියහ. ඒ අනුව නවසීලන්තයට එරෙහිව එළඹෙන සිකුරාදා ආරම්භවන දෙවැනි ටෙස්ට් තරගයේදී ඔවුන් දෙදෙනාගේ සේවය කොදෙව් පිලට අහිමිව යනු ඇත.

සිය පියාගේ අභාවය හේතුවෙන් කෙමාර් රෝච්ද, පළමු තරගයේදී සිදුවූ ආබාධයක් හේතුවෙන් ෂේන් ඩව්රිච් ද අවසන් ටෙස්ට් තරගයෙන් ඉවත්වූ බව බටහිර ඉන්දීය කොදෙව් තේරීම් කමිටුව නිවේදනය කළේය.

22 හැවිරිදි කඩුලු රකින්නකු වන ජොෂුවා ද සිල්වා, ඩව්රිච් වෙනුවට ආදේශ කර ඇති අතර ඔහු සිය මංගල තරගයට පිවිසීමට සූදානමින් පසුවන්නේය. වමතින් වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රෙස්ටන් මැක්ස්වීන් සංචිතය සමඟ රැඳී සිටින අතර ඔහු කෙමාර් රෝච් වෙනුවට ආදේශ කර ඇත. පළමු ටෙස්ට් තරගයේදී ඩව්රිච්ගේ අත තුවාල වූ අතර ඉනිම දෙකේදීම පන්දුවට පහරදීමට ඔහුට අවස්ථාවක් හිමිනොවීය.

දෙවන විස්සයි20 තරගයේදී හිසට පන්දුවක් වැදීමෙන් පසුව ෂිම්රන් හෙට්මියර් තවමත් වෛද්‍ය ප්‍රතිකාර ලබාගනිමින් සිටින අතර කීමෝ පෝල් ”ඉකිළි ප්‍රදේශයේ ආබාධයකට ප්‍රතිකාර ලබමින් සිටින්නේය.

“ඔවුන් දෙදෙනාගේම තත්ත්වය කණ්ඩායමේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් දැඩි ලෙස අධීක්ෂණය කරනු ලබන අතර, ඔවුන්ගේ සහභාගීත්වය පිළිබඳ තීරණ පසු දිනකදී ගන්නවා” යයි කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය කියයි.

පළමු ටෙස්ට් තරගයේදී නවසීලන්තය විසින් ඉනිමකින් සහ ලකුණු 134 කින් පරාජයට පත් කිරීමෙන් පසුව බටහිර ඉන්දීය කොදෙව් පිල තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී 1-0 ක් ලෙස පසුපසින් සිටින්නේය.

දෙවන ටෙස්ට් තරගයේ සංචිතය:
ජේසන් හෝල්ඩර් (නායක), රොස්ටන් චේස්, ජර්මයින් බ්ලැක්වුඞ්, ක්‍රේග් බ්‍රැත්වෙයිට්, ඩැරන් බ්‍රාවෝ, ෂමාරා බෲක්ස්, ජෝන් කැම්බල්, රකීම් කෝර්න්වෝල්, ජෝෂුවා ද සිල්වා, ෂැනන් ගේබි්‍රයල්, ෂිම්රන් හෙට්මියර්, චෙමාර් හෝල්ඩර්, අල්සාරි ජෝශප්, කීමෝ පෝල්.

 - 2079

 


අදහස් (0)

රෝච් - ඩව්රිච් ආපසු ගෙදර යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.