Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලංකා ප්‍රිමියර් ලීග් කල්දමයි

ලංකා ප්‍රිමියර් ලීග් කල්දමයි

editorial - 2022 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි අදියර (2022) දින නියමයකින් තොරව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් තරගාවලියේ සංවිධායකයන් වන අයි.පී.ජී. සමාගම කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන තිබේ.

ජැෆ්නා කිංග්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, කලම්බෝ ස්ටාර්ස්, දඹුල්ල ජයන්ට්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් යන කණ්ඩායම්වල සහභාගීත්වයෙන් එළබෙන අගෝස්තු මස 1 වැනිදා සිට 21 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබිණ.

- 036


අදහස් (0)

ලංකා ප්‍රිමියර් ලීග් කල්දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.