Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩා සමාජයක ලකුණු සටහන්කරුවකුට කොරෝනා වයිරසය වැළඳි ඇතිබව දැනගන්නට ලැබේ. රෙඩ්බුල් දේශිය ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට පෙර ඒ සඳහා එක්වන සියලුදෙනාට පී.සී.ආර් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබුණු අතර එම පරීක්ෂණය සඳහා එක්වී ඇති මෙම ලකුණු සටහන්කරු කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
එම පී.සී.ආර් පරීක්ෂණයේ ප්‍රතිඵල පසුගිය 10 වැනිදා ලැබී ඇති අතර ඊට පසු මෙම ලකුණු සටහන්කරු වෙනුවට වෙනත් ලකුණු සටහන්කරුවකු රෙඩ්බුල් තරගාවලිය සඳහා යොදවා ඇත.
එසේ තිබියදීත් මෙම ලකුණු සටහන්කරු ඊයේ (12 වැනිදා) පැවැති අන්තර්සමාජ විස්සයි 20 තරගාවලියේ තරගයක් සඳහා ප්‍රධාන පෙලේ ක්‍රීඩා සමාජයකට අයත් ක්‍රීඩාංගණයක් වෙත පැමිණ ලකුණු සටහන් කර ඇත. පසුව අදාල බලධාරීන් පැමිණ එම ලකුණු සටහන්කරු ක්‍රීඩාංගණයෙන් ඉවත් කිරීමට පියවරගෙන ඇති අතර එම තරගය සඳහා ඔහු වෙනුවට වෙනත් ලකුණු සටහන්කරුවකු යොදවා ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.