Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘කොවිඩ් 19’ අවදානම හේතුවෙන් ක්‍රිකට් තරගාවලි අත්හිටුවීමෙන් අපහසුතාවට පත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණුසටහන්කරුවන්ගේ සංගමයේ සාමාජිකයන්ට සහන සැළසීම සඳහා එම සංගමය අනුග්‍රහකයන්ගේ සහයෝගය අපේක්‍ෂා කරයි.
මාස පහකට ආසන්න කාලයක් ක්‍රිකට් තරග සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබීම හේතුවෙන් එම සංගමයේ සාමාජිකයන් අතරින් පූර්ණකාලීන ලකුණුසටහන්කරුවන් 45 ක් පමණ ආර්ථික අපහසුතාවට පත්ව සිටින බව එම සංගමය පවසයි.
මෙම වැඩසටහනට අනුග්‍රහය දැක්වීමට කැමති අයට හැටන් නැෂනල් බැංකුවේ, කුරුඳුවත්ත ශාඛාවේ අංක 076020106331 දරණ එම සංගමයේ ගිණුමට මුදල් බැර කළ හැකිය.
වැඩි විස්තර එම සංගමයේ සභාපති සංජය ජයසිංහ (0718284131) හෝ ප්‍රධාන සංවිධායක එස්. රවීන්ද්‍රන් (0716081205) ඇමතීමෙන් ලබාගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.