Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලයන්ට ඩුබායිහිදී වැඩි බරක්

ලයන්ට ඩුබායිහිදී වැඩි බරක්

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ඕස්ටේ‍්‍රලියානු පිලේ අංක එකේ දග පන්දු යවන්නා වන නමුත් ටෙස්ට් තරග ජයග‍්‍රහණය කරවීම සඳහා ප‍්‍රමාණවත් යමක් කර නැතැයි පිට දග පන්දු යවන කී‍්‍රඩක නේදන් ලයන් ඕස්ටේ‍්‍රලියානු පුහුණුකරු ඩැරන් ලීමන් මහතාගේ උදහසට ලක්ව තිබේ.  ඕස්ටේ‍්‍රලියානු පුහුණුකරුවාගේ ප‍්‍රධාන චෝදනාව වන්නේ ටෙස්ට් තරගයක දෙවැනි ඉනිමේදී ලයන් අපේක්‍ෂිත දස්කම් දක්වා නැති බවයි.

මෙම තත්ත්වය හමුවේ ලබන මස මුල් සතියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වන පාකිස්තානු -  ඕස්ටේ‍්‍රලියා තරගාවලියේදි නේදන් ලයන් වඩාත් දැඩි පීඩනයකට ලක්වීමට නියමිතය. මෙම තරගාවලිය සඳහා ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වන අතර එම ටෙස්ට් තරගාවලිය ඔක්තෝබර් 22 වැනිදා ඩුබායිහිදී ආරම්භ  වෙයි.

”ඔහු පළමු ඉනිම වලදී නම් හොඳින් පන්දු යවනවා. ඒත් තණතීරුව දග පන්දු යවන්නන්ට වඩාත් උපකාර කරන දෙවැනි ඉනිම වලදී ඔහුගේ පන්දු යැවීම හොඳටම දුර්වලයි. එවැනි අවස්ථාවලදී ඔහු අපේක්‍ෂිත මට්ටමට පන්දු යවන්නේ නෑ” යයිද ඩැරන් ලීමන් මහතා පවසයි.

මේ වන විට ටෙස්ට් තරග 33 කදී කඩුලූ 112 ක් දවාගෙන සිටින නේතන් ලයන් තමන්ගේ දුර්වලතාව දන්නා අතර එය නිවැරදි කරගැනිමේ දැඩි උත්සාසහයක නිරත වන බවද  ඕස්ටේ‍්‍රලියානු පුහුණුකරුවා කියයි. ෂේන් වෝන් පිළිබඳව දිගු කලක් කතාබහට ලක්වීම නිසා නේතන් ලයන් ගැන වැඩි අවධානයක් නොතිබුණද හැකි ඉක්මනින් එම තත්ත්වය නිවැරදි කරගත යුතු බවද  ඕස්ටේ‍්‍රලියානු පුහුණුකරුවාගේ මතයයි.

පාකිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදී  ඕස්ටේ‍්‍රලියානුවන්ගේ දග පන්දු යැවීමේ පුහුණුකරුවා වශයෙන් මුත්තයියා මුරලිදරන්ගේ සේවයද ලබාගැනේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවතින දැඩි උෂ්ණත්වය සහ පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවලදී අවසන් දිනයේ පන්දු යැවීම මත ටෙස්ට්  තරගයක ජය පරාජය තීරණය වේ. එහිදී දග පන්දු යවන්නන්ට වැඩි කාර්ය භාරයක් පැවරෙන අතරම දැඩි උෂ්ණත්වය නිසා වේග පන්දු යවන්නන් ඉක්මනින් වෙහෙසට පත්වීමේ අවස්ථාවද වැඩිය.

 


අදහස් (1)

ලයන්ට ඩුබායිහිදී වැඩි බරක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.