Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මුල් ඉනිම අසාර්ථක වීම හේතුවෙන් බරපතළ අමාරුවක වැටුණු ශ්‍රී ලංකා කණ්ඩායම පහසුවෙන්ම පරාජය කළ එංගලන්ත ලයන්ස් ක්‍රීඩකයෝ වූස්ටර්හිදී පැවැති සිව්දින තරගයේදී කඩුලු 7 ක පහසු ජයක් අත්කර ගත්හ. ලකුණු 122 ක ඉලක්කයක් කරා ගිය එංගලන්ත ලයන්ස් කණ්ඩායමට තරගයේ සිව්වැනි දිනය වූ අද (17 වැනිදා) දින ලබාගත යුතුව තිබුණේ ලකුණු 75 ක් පමණි. ඔවුන් කඩුලු 3 ක් දැවී ජයටැඹ පසුකර ගියේ ආරම්භක පිතිකරු රොබ් යේට්ස්ට අර්ධ ශතකයක් ලබාගැනීමේ අවස්ථාව ඉතිරි කරමිනි.
තරගය පරාජය වූවත් පන්දු යැවීමේදී සාර්ථක අත්හදා බැලීමක යෙදුණු ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා, දෙවැනි ඉනිමේදී තෙමේම පන්දුව අතට ගනිමින් ලකුණු 37 කට කඩුලු 2 ක් දවාගත්තේය. මුල් ඉනිමේදී වමතින් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරියව ඕවර 31 ක් පුරා වෙහෙසට පත්කළ ධනංජය ඔහුගෙන් කඩුලු 5 ක් දවාගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායමට වේග පන්දු යවන්නන් තිදෙනකුම ක්‍රීඩා කළ නමුත් ඔවුන් තිදෙනාටම එක්වී ඉනිම දෙකේදීම දවාගත හැකිවූයේ කඩුලු 5 ක් පමණි.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය මේ මස 21 වැනිදා මැන්චෙස්ටර් නුවර ඕල්ඞ් ට්‍රැෆර්ඞ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.
ශ්‍රී ලංකාව - පළමු ඉනිම 139 යි
එංගලන්ත ලයන්ස් - පළමු ඉනිම 324
ශ්‍රී ලංකාව - දෙවැනි ඉනිම 306 යි
(නිශාන් මධුෂ්ක 77, දිමුත් කරුණාරත්න 43, ඇන්ජලෝ මැතිව්ස් 51, ධනංජය ද සිල්වා 66, සධීර සමරවික්‍රම 25, මිලාන් රත්නායක 10, ජොස් හල් 44/2, සමාන් අක්තාර් 59/2, ලින්ඩන් ජේම්ස් 34/2, ෆර්හාන් අහමඞ් 87/3)
එංගලන්ත ලයන්ස් - දෙවැනි ඉනිම කඩුලු 3 ට 122 යි
(රොබට් යේට්ස් නොදැවී 57, බෙන් මැකිනි 20, ජේම්ස් රිව් නොදැවී 23, ධනංජය ද සිල්වා 37/2)
- 213
Pradeep Kumara Sunday, 18 August 2024 07:39 AM
T 20, ODI විතරක් නෙමෙයි Test මැචුත් බෑ කියලා ඔප්පු කලා එහෙනම්.
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.