Last Update  :  2024-12-21 12:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලයිසියම් - සිරිකුරුස අවසන් තරගය හෙට

ලයිසියම් - සිරිකුරුස අවසන් තරගය හෙට

editorial - 2022 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අන්තර් පාසල් 19න් පහළ සීමිත ඕවර තරගාවලියේ දෙවැනි පෙළ ‘ඒ’ කාණ්ඩයේ අවසන් මහ තරගයේදී කළුතර සිරි කුරුස විදුහල සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල තරග වදිති. මෙම තරගය හෙට (15 වැනිදා) බී.ආර්.සී. පිටියේදී පැවැත්වෙයි.

පළමු වටයේ තරගයකදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල විසින් කළුතර සිරි කුරුස විද්‍යාලය පරාජය කරන ලදි. අර්ධ අවසන් පූර්ව වටයේදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල විසින් පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය පරාජය කරන ලද අතර කළුතර හෝලි කුරුස විද්‍යාලය විසින් ගනේමුල්ල ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය පරාජය කරන ලදී.

අවසන් පූර්ව වටයේදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල විසින් පසුගිය වසරේ අනුශූරතාව දිනාගත් කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල පරාජය කරන ලදි. පසුගිය වසරේ ශූරතාව දිනාගත් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය පරාජය කරමින් කළුතර සිරි කුරුස විද්‍යාලය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

සසිඳු කෞෂාන් කළුතර සිරි කුරුස විද්‍යාල කණ්ඩායම මෙහෙයවයි. යුගත් ප්‍රේමතිලක වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ නායකයාය.

 


කළුතර සිරි කුරුස විද්‍යාලීය සංචිතය:
සසිඳු කෞෂාන් (නායක), දේශාන් පෙරේරා (උපනායක), හංසජ බ්‍රයන්, කේතක සිල්වා, පසිඳු විමංසා, සොනාල් පෙරේරා, හිවන් කෙනුල, දෙව්මින ප්‍රනාන්දු, හංසක ප්‍රනාන්දු, චෙරාන් සිල්වා, ගිම්හාන් ප්‍රනාන්දු, නෙත්රු සිල්වා, සත්සර ගමගේ, අභිෂේක් සමරවීර, ස්ටීව් රෝෂක, ගයන්ත නදීෂ, දේශාන් ද සිල්වා, තරුක්ෂ සිල්වා, ස්ටීව් තිසේරා සහ විශ්මිත ප්‍රනාන්දු.
කේ.ඩී.එස්.පී. සමන්ත (කණ්ඩායම භාර ආචාර්ය), නිමල් දාබරේ (ප්‍රධාන පුහුණුකරු), ලක්ෂිත රණසිංහ (සහාය පුහුණුකරු)

 


වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් සංචිතය:
යුගත් ප්‍රේමතිලක (නායක), රයන් පෙරේරා, සනුජන් බාස්කරන්, නෙත්මන් ද සොයිසා, ලක්ෂිත උදේෂ්, ජයතු චතුරංග, ගරුක සංකේත්, මොහොමඩ් රිෆ්නාස්, මධුක පෙරේරා, කෙවින් පෙරේරා, ෂාහිල ප්‍රභාෂ්වර, ශවිඳු සිල්වා, විදූෂ විජේරත්න, බිම්සර වීරසිංහ, ටේ‍රවින් නිශාන්තන්, සදීෂ සිල්වා, තුෂාන් ප්‍රනාන්දු, ඔමල්ක හපුආරච්චි, මලින්ද මුල්ගම සහ දනිඳු නවරත්න
මංජුල ප්‍රසන්න (කණ්ඩායම භාර ආචාර්ය), ලාල් සේනාරත්න (ප්‍රධාන පුහුණුකරු), ඩිෂාන් සමින්ද (සහාය පුහුණුකරු) සහ සංජීව මෙන්ඩිස් (සහාය පුහුණුකරු)

 


අදහස් (0)

ලයිසියම් - සිරිකුරුස අවසන් තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.