Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියේ මූලික වටයේ 14 වැනි තරගය ලෙස ලාහෝර් ලයන්ස් පිල සහ ඩොල්ෆින්ස් පිල අතර බැන්ගලෝර් හිදී අද (27 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 16 ජයක් අත්කර ගැනීමට ලාහෝර් ලයන්ස් පිල සමත්විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 165 ක ඉලක්කයක් හඹාගිය ඩොල්ෆින්ස් පිලට නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 148 ක් පමණි.
ඩොල්ෆින්ස් ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ රූබි ෆ‍්‍රලින්ක් පන්දු 27 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 63 ක් ලබාගත්තද තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන යෑමට තරම් එය ප‍්‍රමාණවත් නොවීය.
ඩොල්ෆින්ස් පිතිකරුවන් 7 දෙනකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර දවාගැනීමට ලාහෝර් ලයන්ස් පිලේ පන්දු යවන්නෝ සමත්වූහ.
එහිදී මොහොමඞ් හෆීස්, මුස්තාෆා ඉක්බාල් සහ සාද් නසීම් කඩුලූ 2 බැගින් දවාගැනීමට සමත්වූහ. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ලාහෝර් ලයන්ස් පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 164 ක් ලබාගත්තේය.
වේගවත් පිතිහරඹයක නිරවූ උමාර් අක්මාල් පන්දු 45 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 73 ක් රැුස්කරමින් තරගයේ වීරයා බවට පත්විය.
ලකුණු 34 කට කඩුලූ 4 ක් දැවී ලාහෝර් ලයන්ස් පිල අසීරු අඩියක පසුවූ මොහොතේ සාද් නසීම් (43) සමග එක්වූ උමාර් අක්මාල්, 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනගමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.
පන්දු 26 කින් වාර්තා වූ සාද් නසීම්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ රූබි ෆ‍්‍රයිලින්ක් ඕවර 4 ක් යවමින් ලකුණු 22 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත්විය.
ලාහෝර් ලයන්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී 164
(සාද් නසීම් 43, උමාර් අක්මාල් නොදැවී 73, අසීෆ් රාසා නොදැවී 19, රූබි ෆ‍්‍රයිලින්ක් 22/3)
ඩොල්ෆින්ස් පිල - ඕවර 20 කදී 9 ක් දැවී 148
(මෝර්නි වැන් වයික් 36, ජොනතන් වැන්ඩියර් 29, රූබි ෆ‍්‍රලින්ක් නොදැවී 63, මොහොමඞ් හෆීස් 18/2, සාද් නසීම් 19/2, මුස්තාෆා ඉක්බාල් 21/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.