Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියේ මූලික වටයේ 19 වැනි තරගය ලෙස පර්ත් ස්කෝචර්ස් පිල සහ ලාහෝර් ලයන්ස් පිල අතර බැංගලෝර්හි හිදී අද (30 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 3 ක ජයක් වාර්තා කිරීමට පර්ත් ස්කෝචර්ස් පිල සමත්විය.
මෙම තරගයෙන් පරාජයට පත්වීමත් සමග ලාහෝර් ලයන්ස් පිලට තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ අවස්ථාව මඟහැරී ගියේය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 125 ක ඉලක්කයක් හඹාගිය පර්ත් ස්කෝචර්ස් පිල කඩුලූ 7 ක් දැවී පන්දු 6 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියේය.
පන්දු 38 කට මුහුණ දෙමින් හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමග වේගවත් ලකුණු 63 ක් රැස්කළ මිචෙල් මාර්ෂ් තරගයේ වීරයා බවට පත්විය.
ලකුණු 62 කට කඩුලූ 7 ක් දැවී පර්ත් ස්කෝචර්ස් පිල අසීරු අඩියක පසුවූ අවස්ථාවේ මිචෙල් මාර්ෂ් සහ බ‍්‍රැඞ් හොග් (නොදැවී 28) එක්ව 8 වැනි කඩුල්ල සඳහා පන්දු 41 කදී ලකුණු 68 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ලාහෝර් ලයන්ස් පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 124 ක් ලබාගත් අතර ලාහෝර් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සාද් නසීම් පන්දු 55 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 69 ක් රැස්කළේය.
ලාහෝර් පිලේ පළමු කඩුලූ 4 ලකුණු 11 තුළ බිඳ වැටී තිබූ අවස්ථාවේ උමාර් අක්මාල් (26) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 43 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සාද් නසීම්, මොහොමඞ් සයිඞ් (20) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 48 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.
නසීර් ජම්ෂේඞ් (1), උමාර් සිද්ධික් (1), මොහොමඞ් හෆීස් (0) සහ වහබ් රියාස් (0) යන ලාහෝර් පිලේ පළමු පිතිකරුවන් සිව්දෙනාම ලකුණු 11 තුළ දවාගැනීමට ජොයෙල් පැරිස් සහ මිචෙල් මාර්ෂ් සමත්වූහ.
දක්ෂ පන්දු යැවීමක නිතරවූ ජොයෙල් පැරිස් ලකුණු 22 කට කඩුලූ 3 ක් දවාගත් අතර මිචෙල් මාර්ෂ් ලකුණු 12 කට කඩුලූ 2 ක් දවාගත්තේය.
කාසියේ වාසිය දිනූ පර්ත් ස්කෝචර්ස් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ලාහෝර් ලයන්ස් පිලට ආරාධනා කර සිටියේය.
ලාහෝර් ලයන්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 124
(සාද් නසීම් නොදැවී 69, උමාර් අක්මාල් 26, මෙහොමඞ් සයීඞ් 20, ජොයෙල් පැරිස් 22/3, මිචෙල් මාර්ෂ් 12/2)
පර්ත් ස්කෝචර්ස් පිල - ඕවර 19 කදී කඩුලූ 7 ක් දැවී 130
(කැමරන් බැන්ක්‍රොෆ්ට් 22, මිචෙල් මාර්ෂ් නොදැවී 63, බ‍්‍රැඞ් හොග් නොදැවී 28, මොහොමඞ් හෆීස් 8/2, මුස්තාෆා ඉක්බාල් 20/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.