Last Update  :  2025-04-21 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලේතම් - රොන්ච් නවසීලන්තයට සැනසුම ගෙනෙති

ලේතම් - රොන්ච් නවසීලන්තයට සැනසුම ගෙනෙති

දිලිනි මල්රුක්ෂි - 2013 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (24 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 224 ක් ලබා සිටියේය.

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 555 ක් ලබාගත් අතර නවසීලන්ත ‘ඒ’ පිලේ සිවුවැනි කඩුල්ලත් ලකුණු 140 දී බිඳ වැටුණ නමුත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ ටොම් ලේතම් (නොදැවී 77) සහ ලූක් රොන්ච් (නොදැවී 60) දෙදෙනා තම පිල සැනසිලිදායක තත්ත්වයකට ඔසවා තැබූහ.

කෙසේ වෙතත් අද සවස තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 331 ක් ඉදිරියෙන් සිටි අතර නවසීලන්ත ‘ඒ’ පිතිකරුවන් පිට පිටම දෙවැනි වතාවටත් පිටියට යැවීමට නම් ඔවුන්ගේ ඉතිරි කඩුලූ 6 තවත් ලකුණු 131 ක් ලබාගැනීමට පෙර දවාගත යුතුය.

පිතිකරුවන් අණසක පැතිරවූ මෙම තරගයේදී ටෙස්ට් මට්ටමේ පිතිකරුවකු සතුවිය යුතු ඉවසීමත් තැන්පත් බවත් මෙසේ විය යුතු යයි මොනවට ප‍්‍රදර්ශනය කරමින් විශිෂ්ට ගණයේ ලකුණු 193 ක් ලබාගත් කෞෂාල් සිල්වා සහ වේගවත් ලකුණු 116 ක් ලබාගත් වමත් පිතිකරු කිත්රුවන් විතානගේගේ පිතිහරඹය නිසා ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල ලකුණු 550 සීමාව පසුකර යමින් ඉනිම අත්හිටුවීය.

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ දැවැන්ත ඉනිමට පිළිතුරක් දීම ඇරඹූ නවසීලන්ත ඒ’ කණ්ඩායම අද සවස තේ පානය සඳහා තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 61 ක් ලබා සිටියද තේ පානයෙන් පසුව ලකුණු 65 ක් තුළදී කඩුලූ 4 ක් අහිමි කරගත්තේය.

කෙසේ වෙතත් දිවා ආහාරය වන විටත් කඩුලූ 4 කට ලකුණු 509 ක් ලබා සිටි ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම ඉනිම අත්හිටුවීමට ප‍්‍රමාද වීම තරමක් කුතුහලය දනවන්නකි. පිතිකරුවන් සඳහා තණතීරුවේ තත්ත්වය ඒ වන විටත් යෝග්‍ය මට්ටමක තිබීම ඉනිම අත්හිටුවීම ප‍්‍රමාද කිරිමට එක හේතුවක් ලෙසින් දැක්විය හැකි නමුත් මෙවන් සිවුදින තරගයකදී කණ්ඩායමක් දෙවරක් දවාගැනීමට නම් ඔවුන් කිසියම් පීඩනයකට නතු කිරීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තකි.

දෙවැනි දිනයේ කී‍්‍රඩාව ආරම්භ කළ ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් කෞෂාල් සිල්වා (නොදැවී 150) සහ කිත්රුවන් විතානගේ (නොදැවී 32) පිටියට පිවිසෙන විට ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලූ 3 කට 360 ක් ලෙසිනි.

කිත්රුවන් කිසිදු පැකිළීමකින් තොරවම නවසීලන්ත කී‍්‍රඩකයන්ගේ දුර්වල පන්දුවට දුටුතැන පහර දෙද්දී කෞෂාල් සිල්වා හීන්සීරුවේ තම ද්විත්ව ශතකය සොයා ගියේය.

කෙටි පන්දු යවමින් කිත්රුවන් මට්ටු කිරීමට උත්සාහ කළ නවසීලන්ත කී‍්‍රඩකයන්ට, හතරේ සීමාවෙන් එපිට, පිටියේ ඈත ඉසව්වන් කරා ඇවිද යමින් පන්දුව අහුළාගෙන ඒමට සිදුවිය.

දිවා ආහාරයට විනාඩි 20 ක් පමණ තිබියදී කිත්රුවන් සහ කෞෂාල් දෙදෙනාම අවදානම් අනූ ගණන් වලට පිවිසියද කිත්රුවන් තම පිතිහරඹ රටාව වෙනස් නොකළේය. එහෙත් කෞෂාල්ගේ පිට ඉන්න දෙසින් වළල්ලක් සේ පන්දු රකින්නන් රඳවමින් ඔහුගේ ද්විත්ව ශතකය වැළැක්වීමට  උත්සාහ කළ නවසීලන්ත ‘ඒ’ පන්දු යවන්නනෝ සාර්ථක වූහ.

හෝරා අටක් කඩුල්ලේ රැුඳෙමින් පන්දු 368 කට මුහුණ දුන් කෞෂාල් සිල්වා සිය ද්විත්ව ශතකය පෙනි පෙනීම කඩුලූ රැකි ලූක් රොන්ච්ට උඩපන්දුවක් දී ආපසු කී‍්‍රඩාගාරයට ගියේ නවසීලන්ත ඒ‘ පිලේ 8 වැනි පන්දු යවන්නා වූ කාල් කැචොපාට කඩුල්ල තිළිණ කරමිනි.

තරගයෙන් අනතුරුව මාධ්‍ය නියෝජිතයන් හමුවූ කෞෂාල් සිල්වා පැවසුවේ පිතිකරුවකු වශයෙන් තමන්ට කළ හැක්කේ ලකුණු රැුස්කිරීම පමණක් බවත් ජාතික කණ්ඩායමට තේරීම තේරීම් කමිටු නිලධාරීන්ගේ කාර්යයක් බවත්ය.

”කඩුලූ රකින කී‍්‍රඩකයකු වශයෙන් අංක 3 කී‍්‍රඩා කිරීම තරමක් අපහසුයි. ඒත් මේ තරගයේදී මා කඩුලූ රැකීමේ නොයෙදෙන නිසා කිසිදු අපහසුතාවකින් තොරව පන්දුවට පහර දුන්නා” යයිද ලකුණු 193 ක් ලබාගන්නා තුරුම තමන් දවාගැනීමට එකම අවස්ථාවක් හෝ නොදුන් කෞෂාල් සිල්වා පැවසීය.

කෞෂාල් සහ විතානගේ අතර සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 180 ක් වුවද ඊට ගතවූයේ විනාඩි 160 ක් පමණි.
නවසීලන්ත පන්දු යවන්නන් කෙරේ කිසිදු අනුකම්පාවක් නොදැක්වූ විතානගේ විනාඩි 110 කින් සිය ශතකය ලබාගත් අතර නවසීලන්ත ‘ඒ’ පිලේ 9 වැනි පන්දු යවන්නා වූ ඩැරිල් මිචෙල්ගේ පන්දුවකට උඩපන්දුවක් දීමෙන් දැවී යන විට පන්දු 127 කදී ලකුණු 116 ක් ලබා සිටියේ හතරේ පහර 20 කින් සහ හයේ පහරකින් සිය ඉනිම සරමිනි.

ලකුණු පුවරුව

ඡයාරූප - ශාන්ත රත්නායක


අදහස් (0)

ලේතම් - රොන්ච් නවසීලන්තයට සැනසුම ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.