Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලෝක කුසලාන ඕස්ට්‍රේලියාවට
කාන්තා වි-20 ලෝක කුසලාන

ලෝක කුසලාන ඕස්ට්‍රේලියාවට

editorial - 2023 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අතිෂය තියුණු සටනකින් අනතුරුව දකුණු අප්‍රිකාවේදී පැවැති කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය. ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් 6 වැනි අවස්ථාව මෙය වන අතර මෙවර ඔවුන් ශූරතාවට හිමිකම් කීමේ අවසන් මහ තරගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 19 ක ජයක් වාර්තා කරමිනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 157 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 137 ක් පමණි. වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකාරිණී ලෝරා වුල්වාර්ඩ්ට් පන්දු 48 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 61 ක් රැස්කළද ඇයට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූවාය.

ලකුණු 54 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී චෝල් ටි්‍රයෝන් (25) සමග එක්වූ ලෝරා, සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කදී ලකුණු 55 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් දකුණු අප්‍රිකාවට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ආවාය. එහෙත් ලෝරාගේ දැවී යෑමෙන් පසුව ලකුණු 13 ක් ඇතුළත තවත් කඩුලු 2 ක් බිඳවැටීම හේතුවෙන් එම බලාපොරොත්තු බිඳ වැටිණ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ, ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 156 ක් රැස්කළහ. ඕස්ට්‍රේලියානු ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ ආරම්භක පිතිකාරිණී බෙත් මූනි එහිදී පන්දු 53 කින් නොදැවී ලකුණු 74 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගිනි.

ඇලීසා හීලි (18) සමග එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 31 කින් ලකුණු 36 ක් එක්කළ මූනී, ඉන් නොනැවතී ඈෂ්ලි ගාඩ්නර් (29) සමග එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 41 කදී ලකුණු 46 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නාය.


ඕස්ට්‍රේලියානු කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 156
(ඇලීසා හීලි 18, බෙත් මූනි නොදැවී 74, ඈෂ්ලි ගාඩ්නර් 29, ශබ්නිම් ඉස්මයිල් 26/2, මැරිසේන් කේප් 35/2)

දකුණු අප්‍රිකානු කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 137
(ලෝරා වුල්වාර්ඩ්ට් 61, චෝල් ටි්‍රයෝන් 25)

-036

 


අදහස් (0)

ලෝක කුසලාන ඕස්ට්‍රේලියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.