Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මස්පිඬුවේ ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන කණ්ඩායමේ ස්ථානය අහිමි වූ වනිඳු හසරංග එංගලන්තයේ ‘ග්‍රේස් කුමරි’ රෝහලේදී ශල්‍ය කර්මයකට මුහුණ දී තිබේ. එම ශල්‍යකර්මය සාර්ථක බවත්, තමන් සුවය ලබමින් සිටින බවත් වනිඳු හසරංග සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඡායාරූපයක් සමගින් සටහනක් තබා ඇත.
“මම ටික කාලෙකට තරග බිමෙන් ඉවත් වෙලා ඉන්නවා. ඒත් මගේ රට වෙනුවෙන් ශක්තිමත්ව ක්‍රීඩා කිරීමට නැවත පැමිණීමට බලාපොරොත්තු වෙනවා” යයි ද වනිඳු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබා ඇත.
සුවය ලැබීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමේ බලාපොරොත්තුවෙන් සිටියද, ඒ සඳහා කොපමණ කාලයක් ගතවේද යන්න යන්න වෛද්‍යවරුන් නිශ්චිතව ප්‍රකාශ කර නැති බවද දැනගන්නට තිබේ. ඒ අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් කොටසේදී හෝ වනිඳු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වේ ද නැද්ද යන්න ස්ථිරව කිව නොහැකි තත්ත්වයක් තිබේ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.