Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වනිඳු ඉල්ලා අස්වෙයි

වනිඳු ඉල්ලා අස්වෙයි

editorial - 2024 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද) 

තමා ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව කණ්ඩායමේ වත්මන් නායක වනිඳු හසරංග ලිපියක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම්දී ඇත. නායකත්වයෙන් ඉවත් වුවද, දිගින් දිගටම ක්‍රීඩකයකු ලෙස කණ්ඩායමට තමාගේ දායකත්වය ලබා දීමට බලාපොරොත්තු වන බවද වනිඳුගේ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් වේ. 

2023 වසරේ දෙසැම්බර් මස 23 වැනි ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායකයා ලෙස නම් කරන ලද වනිඳු, මෙම වසරේ (2024) ජනවාරි මාසයේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කොළඹදී පැවැති විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙසද, පෙබරවාරි මාසයේ ඇෆ්ඝනිස්ථානයට එරෙහිව දඹුල්ලේදී පැවැති විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙසද ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීය. 

ඉන් අනතුරුව වනිඳුගේ නායකත්වය යටතේ බංග්ලාදේශයට එරෙහිව සිල්හැට් නුවරදී පැවැති විස්සයි-20 තරගයක් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම, විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය හමුවේ පරාජයට පත්වෙමින් නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගය ජයගත්තේය. 

ඒ අනුව තරග 10 කදී ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමට නායකත්වය දී ඇති වනිඳු ඉන් තරග 6 කදී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවා ඇත. එහිදී ඔහුගේ ජයග්‍රාහී ප්‍රතිශතය සටහන් වන්නේ 60% ක් ලෙසිනි. නායකත්වය දැරූ තරගවලදී පිතිකරුවකු ලෙස ලකුණු 137 ක් රැස්කර ඇති වනිඳු, පන්දු යවන්නකු ලෙද කඩුලු 19 ක් බිඳහෙළා ඇත. 

තවමත් 26 වැනි වියේ පසුවන වනිඳු, විස්සයි-20 ජාත්‍යන්තර තරග 68 කදී අර්ධ ශතක 2 ක් සමග ලකුණු 670 ක් ලබා සිටින අතර එහිදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 110 කි. මේ වන විට ලොව විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පෙරමුනේ පසුවන වනිඳු, විස්සයි-20 පන්දු යවන්නන් අතර 3 වැනි ස්ථානයේ රැදී සිටියි. 

ලෝක කුසලාන තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ අසාර්ථකත්වය හමුවේ වනිඳුගේ නායකත්වය පිලිබඳව යම් යම් මත පළ වූ අතර ඔහුගේ හැසිරීම සහ මාධ්‍ය හමුවේ අදහස් දැක්වීම බොහෝ දෙනාගේ දැඩි විවේචනයටද ලක්විය. මේ දිනවල පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලියේදීද විනය නීති මාලාව කඩ කිරීම හේතුවෙන් වනිඳුට එරෙහිව දඩ නියම කිරීමටද එම තරගාවලියේ විනය කමිටුව පියවර ගත්තේය. 


අදහස් (1)

වනිඳු ඉල්ලා අස්වෙයි
  • Manjula Friday, 12 July 2024 04:13 PM

    නායකත්වයෙන් නෙවෙයි, කණ්ඩායමෙන්ම අයින් වෙන්න.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.