Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
තවත් වසර 2 කින් එනම් 2024 වසරේදී පැවැත්වීමට නියමිත 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා ශක්තිමත් කණ්ඩායමක් සූදානම් කරගැනීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 17 න් පහළ ලීග් ක්‍රිකට් තරගාවලිය මේ මස 22 වැනිදා ආරම්භ වේ.
කණ්ඩායම් 5 ක සහභාගිවන මෙම තරගාවලිය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහ කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී මෙම මස 30 වැනිදා දක්වා පැවැත්වේ. එහිදී සෑම තරග දෙකක් අවසානයේම පුහුණුවීම් සහ විවේකය සඳහා දිනයක් වෙන්කර දී තිබේ.
කොළඹ උතුර, කොළඹ දකුණ, ගාල්ල, දඹුල්ල සහ මහනුවර යන කණ්ඩායම් මෙම තරගාවලියේදී තරග වැදීමට නියමිතය. මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් 4 සමගින් තරග වැදීමට නියමිත අතර එහිදී ඉහළම දස්කම් දක්වන කණ්ඩායම් දෙක අතර 29 වැනිදා අවසන් මහ තරගය පැවැත්වේ.
තරග කාල සටහන
අගෝස්තු 22 - ගාල්ල සහ කොළඹ උතුර අතර දඹුල්ලේදී
අගෝස්තු 22 - කොළඹ දකුණ සහ මහනුවර අතර කුරුණෑගලදී
අගෝස්තු 23 - දඹුල්ල සහ මහනුවර අතර දඹුල්ලේදී
අගෝස්තු 23 - කොළඹ දකුණ සහ ගාල්ල අතර කුරුණෑගලදී
අගෝස්තු 25 - කොළඹ උතුර සහ කොළඹ දකුණ අතර දඹුල්ලේදී
අගෝස්තු 25 - ගාල්ල සහ දඹුල්ල අතර කුරුණෑගලදී
අගෝස්තු 26 - දඹුල්ල සහ කොළඹ දකුණ අතර දඹුල්ලේදී
අගෝස්තු 26 - මහනුවර සහ කොළඹ උතුර අතර කුරුණෑගලදී
අගෝස්තු 28 - මහනුවර සහ ගාල්ල අතර දඹුල්ලේදී
අගෝස්තු 28 - කොළඹ උතුර සහ දඹුල්ල අතර කුරුණෑගලදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.