Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
ක්‍රීඩකයන්ගේ දස්කම් ඉස්මතු නොවීම හේතුවෙන් අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී වර්ෂාව හේතුවෙන් තීරණයක් නොමැතිව අතහැර දැමූ තරග නැවතත් පැවැත්වීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ තරගාවලි කමිටුව තීරණය කර ඇත.
එල්.පී.එල් තරගාවලියට සහ එළඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී අන්තර් සමාජ විස්සයි20 තරගාවලියේ දක්ෂතා මත පදනම්ව ක්‍රීඩකයන් තෝරා ගැනීමට නියමිත තිබුණි. එහෙත් සැලකිය යුතු තරග සංඛ්‍යාවක් වර්ෂාව හේතුවෙන් අතහැර දැමීම නිසා ක්‍රීඩකයන්ට සුපුරුදු දක්ෂතා දැක්වීමට නොහැකි විය.
එමෙන්ම පවත්වා අවසන්වූ සමහරක් තරග වලදීද ක්‍රීඩකයන්ගේ දක්ෂතා මතුවී නොමැති වීමද මෙම තීරණය ගැනීමට හේතුවී ඇත.
අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේදී තරග 72 ක් පැවැත්වීමට නියමිතව තිබූ නමුත් වර්ෂාව හේතුවෙන් තරග 32 ක් විසඳුමකින් තොරව අවසන් විය. පැවැත්වීමට නොහැකිවූ එම තරග 32 නැවතත් මේ මස 5 වැනිදා සිට 13 වැනිදා දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත.
තීරණයක් ලැබුණු තරග 40 න් 17 කදීම සම්පූර්ණ ඕවර සංඛ්‍යාව ක්‍රීඩා කිරීමට නොහැකි විය. විසඳුමකින් තොරව අවසන් වූ තරග 32 න් තරග 9 කදී කාසියේ වාසිය උරගා බැලූ නමුත් ඕවර කිහිපයක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව වර්ෂාව ඇතිවීම හේතුවෙන් එම තරග ඇතහැර දැමීමට සිදුවිය. තවත් තරග 2 කදී කාසියේ වාසිය උරගා බැලුවද තරගය ආරම්භ කිරීමට පෙර වර්ෂාව ඇතිවීම නිසා එම තරග 2 ද අතහැර දැමීය. කාසියේ වාසිය උරගා නොබැලූ තරග 21 ක් ද අතහැර දැමූ තරග 40 ට අයත්වේ.
තරග 5 කදී ලකුණු 168 ක් රැස්කළ එස්.එස්.සී පිලේ ශෙවෝන් ඩැනියල් තරගාවලියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර පෙරමුණ ගෙන ඇති නමුත් ඔහු ඉනිමක රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව 59 ක් වේ. මෙවර තරගාවලියේදී වාර්තා වූ එකම ශතකයට (100) බී.ආර්.සී පිලේ භානුක රාජපක්ෂ හිමිකම් කියන නමුත් තරග 3 කදී ඔහුට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 123 ක් පමණි.
මෙවර තරගාවලිය සඳහා සකස් කරන ලද තණතීරු ඉතාමත් තියුණු ලෙසින් දඟ කැවෙන බවත්, ඒවා විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවට අනුචිත බවත් පුහුණුකරුවෝ කියති.
ඒස් කැපිටල් පිලේ චානක දේවින්ද තරග 5 කදී කඩුලු 10 ක් ලබාගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලබාගත් ක්‍රීඩකයා බවට පත්ව ඇති අතර මූවර්ස් පිලේ මිලාන් රත්නායක ලකුණු 12 කට කඩුලු 6 ක් දවාගනිමින් ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කළේය. නමුත් තරග 5 ක් දී ඔහුට දවා ගැනීමට හැකි වූයේ කඩුලු 8 ක් පමණි.
මුලින් නිකුත් කළ තරග කාල සටහනට අනුව මූලික වටයේ තරග 2 වැනිදා අවසන් විය. ඒ අනුව සැරසන්ස්, පොලීසිය, බී.ආර්.සී සහ යුද හමුදාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියහ. අතර අවසන් පූර්ව තරග 4 වැනිදාත්, අවසන් මහ තරගය 6 වැනිදාත් පැවැත්වීමට නියමිතව තිබුණි.
එහෙත් තරග කාල සටහන නැවත සංශෝධනය කිරීමත් සමගින් මූලික වටයේ තරග 13 වැනිදා අවසන් වේ. අවසන් පූර්ව තරග 15 වැනිදාත්, අවසන් මහ තරගය 17 වැනිදාත් පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.