Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වසර 8 කට පසුව ශ්‍රී ලංකා පිල එංගලන්තයේ ටෙස්ට් සංචාරයක

වසර 8 කට පසුව ශ්‍රී ලංකා පිල එංගලන්තයේ ටෙස්ට් සංචාරයක

editorial - 2023 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන වසරේ (2024) අගෝස්තු මාසයේදී එංගලන්තයේ සංචාරයක නිරත වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායමක් එංගල්නතයේ ටෙස්ට් තරග සංචාරයක නිරත වන්නේ වසර 8 කට පසුව වීම කැපී පෙනෙන සිදුවීමකි. 

අවසන් වරට ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම, එංගලන්තයේදී තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහභාගී වූ අතර ඉන් 2-0 ක පරාජයක් ලැබීය. කෙසේ වුවත් ඊට වසර 2 කට පෙර එනම් 2014 වසරේදී ශ්‍රී ලංකාව 1-0 ක් ලෙස එංගලන්තයේදී ටෙස්ට් තරගාවලියක් ජයගත්තේද මැතිව්ස්ගේ නායකත්වය යටතේමය. 

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලබන වසරේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය 2023-2025 ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරගාවලියක් වේ. එහි පළමු තරගය මැන්චෙස්ර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදීද, දෙවැනි තරගය ලන්ඩන්හි ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදීද, තෙවැනි තරගය ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණයේදීද පැවැත්වීමට නියමිතය. 

දෙරට අතර පැවැති අවසන් තරගාවලි දෙකම ශ්‍රී ලංකාවේදී පැවැති අතර එම තරගාවලි දෙකේදීම ශ්‍රී ලංකාව අන්ත පරාජයන් ලැබීය. තරග 3 කින් සමන්විත වූ 2018 වසරේ පැවැති තරගාවලිය 3-0 ක් ලෙස පරාජයට පත්වූ ශ්‍රී ලංකාව, තරග 2 කින් සමන්විත වූ 2021 වසරේ පැවැති තරගාවලිය පරාජය වූයේ තරග 2-0 ක් ලෙසිනි. 

තරග කාලසටහන 

  • පළමු තරගය - අගෝස්තු 21 සිට 25 දක්වා - මැන්චෙස්ර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී
  • දෙවැනි තරගය - අගෝස්තු 29 සිට සැප්තැම්බර් 2 දක්වා - ලන්ඩන්හි ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී
  • තෙවැනි තරගය - සැප්තැම්බර් 6 සිට 10 දක්වා දක්වා - ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණයේද

 


අදහස් (0)

වසර 8 කට පසුව ශ්‍රී ලංකා පිල එංගලන්තයේ ටෙස්ට් සංචාරයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.