Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වාර්තා දෙකකට ලක්‍ෂ 22 ක්

වාර්තා දෙකකට ලක්‍ෂ 22 ක්

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට වසරකට දෙවතාවක් විවිධ දේවල්වලට ගෙවීම් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා අද (18) පැවසීය.

ක්‍රීඩකයන් පිළිබඳ වාර්තා දෙකක් සඳහා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් 60,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 10 කට වැඩි මුදලක් හතුරුසිංහ මහතාට දෙවරක් ගෙවා ඇතැයි කියැවේ. මේ අනුව හතුරුසිංහ මහතාට වාර්තා දෙකක් සඳහා රුපියල් ලක්‍ෂ 22 කට ආසන්න මුදලක් ගෙවා ඇති බව වාර්තා වේ.

ක්‍රීඩා අමාත්‍යංශයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳව කළ විමසුමේදී ඈෂ්ලි ද සිල්වා මහතා මෙසේ පැවසීය.

“හතුරුසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ගිවිසුමක් තියෙනවා. ඒ එක් එක් කාලසීමාවට එක එක ගෙවීම් කරනවා. වසරකට දෙවරක් ගෙවීම් කරනවා. ඒ ගෙවීම්වල වටිනාමක මට කියන්න බෑ” යැයි ඈෂ්ලි ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.

 


අදහස් (0)

වාර්තා දෙකකට ලක්‍ෂ 22 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.