Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටය යටතේ ඉන්දියාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති තරගය වර්ෂාව හේතුවෙන් නතර කිරීමට සිදුවිය. ඒ සඳහා වෙන්කර තිබූ අතිරේක දිනය වන හෙට (11 වැනිදා) පස්වරු 3.00 ට නතර කළ තැන සිට යළි තරගය ආරම්භ කිරීමට නියමිතය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 24.1 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 147 ක් ලබා සිටියේය. ඒ වන විට විරාට් කෝලි පන්දු 16 කදී ලකුණු 8 ක්ද, ලෝකේෂ් රාහුල් පන්දු 28 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 17 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
තරගය යළිත් ආරම්භ කිරීම සඳහා විනිසුරුවන් තෙවරක් (රාත්‍රී 7.30 ට, 8.00 ට සහ 8.30 ට) ක්‍රීඩාංගණය පරික්ෂාවට ලක් කළහ. එහෙත් රාත්‍රී 9.00 ට තරගය ආරම්භ කිරීමට නියමිතව තිබියදී 8.45 ට පමණ යළිත් වරක් වර්ෂාව ඇද හැළීම හේතුවෙන් ඊයේ දිනය සඳහා තරගය අත්හැර දැමීමට විනිසුරුවෝ පියවර ගත්හ.
පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 100 කදී ලකුණු 121 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගූ නායක රෝහිත් ශර්මා (56) සහ ශුබ්මන් ගිල් (58) ඉන්දියාවට සාර්ථාක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 49 කට මුහුණදුන් ශර්මා හයේ පහර 4 කින් සහ හතරේ පහර 6 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 52 කදී වාර්තා වූ ගිල්ගේ අර්ධ ශතකය හතරේ පහර 10 කින් සමන්විත විය.
ශදාබ් ඛාන්ගේ පන්දුවක් හමුවේ ලෝන් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි ෆාහිම් අෂ්රෆ් අතට උඩ පන්දුවක් දෙමින් ශර්මා දැවී යෑමත් සමග ඉන්දීය පළමු කඩුල්ලේ සම්බන්ධතාව නිමාවට පත් විය. ශහීන් අෆ්රිඩිගේ පන්දුවක් හමුවේ ශුබ්මන් ගිල් දැවී ගියේ කවර් කළාපයේ පන්දු රකිමින් සිටි ආගා සල්මාන් අතට පහසු උඩ පන්දුවක් ලබා දෙමිනි.
ඉන්දියාව
රෝහිත් ශර්මා - ඇ.අෂ්රෆ් ප.ශදාබ් 56
ශුබ්මන් ගිල් - ඇ.සල්මාන් ප.අෆ්රිඩි 58
විරාට් කෝලි - නොදැවී 8
ලෝකේෂ් රාහුල් - නොදැවී 17
අතිරේක 8
එකතුව ඕවර 24.1 කදී කඩුලු 2 ක් දැවී 147
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ :
ඉෂාන් කිෂන්, හර්දීක් පාණ්ඩ්‍යා, රවින්ද්‍ර ජදේජා, ශර්ධුල් ඨාකූර්, කුල්දීප් යාදව්, ජස්ප්‍රීට් බුම්රා සහ මොහොමඩ් සිරාජ්
කඩුලු වැටීම :
1-121(ශර්මා), 2-123(ගිල්)
පන්දු යැවීම :
ශහීන් අෆ්රිඩි 5-0-37-1, නසීම් ෂා 5-1-23-0, ෆාහීම් අෂ්රෆ් 3-0-15-0, හාරිස් රවුෆ් 5-0-27-0, ශදාබ් ඛාන් 6.1-1-45-1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.