Last Update  :  2024-12-22 20:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විද්‍යාලෝකය අවසන් සටනට

විද්‍යාලෝකය අවසන් සටනට

editorial - 2021 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ගාල්ල විද්‍යාලෝක විදුහල ඉරිදා (28 වැනිදා) සමත් විය.

කොළඹ නාලන්දා විදුහල් ක‍්‍රීඩංගණයේදී මොරටුව මෙතෝදිස්ත උසස් පාසලට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේදී කඩුලූ 4 ක පහසු ජයක් වාර්තා කරමින් විද්‍යාලෝක විදුහල තරගාවලියේ අවසන් වටයට පිවිසියේය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 121 ක ඉලක්කයක් හඹාගිය විද්‍යාලෝක ක‍්‍රීඩකයෝ  ඕවර 31.2 ක් අවසානයේ එම ඉලක්කය සපුරාගත්හ. එහිදී සොනාල් රන්සර නොදැවී ලකුණු 35 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග‍්‍රහණය තහවුරු කළේය.
 
පළමුවෙන් පන්දුවට පහරදුන් මෙතෝදිස්ත උසස් පාසලට  ඕවර 49.2 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 120 ක් පමණි. එහිදී උමංග ඉමන්ජන කඩුලූ 3 ක්ද, සොනාල් රන්සර සහ සසිඳු ලක්ෂාන් කඩුලූ 2 බැගින්ද දවාගනිමින් මෙතෝදිස්ත උසස් පාසල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළහ.


මෙතෝදිස්ත උසස් පාසල -  ඕවර 49.2 කදී සියලූ දෙනා දැවී 120  
(කවින් ප‍්‍රනාන්දු 31, තිසර ජයංග 20, ආකාෂ් නිම්සර 15, උමංග ඉමන්ජන 30/3, සොනාල් රන්සර 24/2, සසිඳු ලක්ෂාන් 28/2)

විද්‍යාලෝක විදුහල -  ඕවර 31.2 කදී කඩුලූ 6 ක් දැවී 121
(සොනාල් රන්සර නොදැවී 35, කාවින්ද බස්නායක 23, ආකාෂ් නිම්සර 21/2, කවින් ප‍්‍රනාන්දු 24/2)

 


අදහස් (0)

විද්‍යාලෝකය අවසන් සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.