විදේශීය ක්‍රීඩකයෝ නොවැ: 1 දා සිට එති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියට (එල්.පී.එල්.) සහභාගි වන විදේශීය ක්‍රීඩකයන් නොවැම්බර් මස 1 වැනිදා සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. දින 14 ක නිරෝධායනය සඳහා කාලය ලබාගැනීමට විදේශීය ක්‍රීඩකයන් නොවැම්බර් මස 1 වැනිදා සිට 5 වැනිදා දක්වා දින පහ තුළදී ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සැළසුම් කර තිබේ.
එම ක්‍රීඩකයන්ට නිරෝධාන පහසුකම් සඳහා හම්බන්තොට සහ මහනුවර ප්‍රධාන පෙළේ හෝටල් තුන බැගින් වෙන්කර තිබේ.
“තරගාවලියට තෝරාගෙන සිටින සියලු ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය නිර්දේශවලට අනුව දින 14 ක් නිරෝධානය වෙනවා. ඒ සඳහා කාලය ලබාගැනීමට නියමිත දිනට පැමිණෙන ලෙස අපි ඔවුන්ට දැනුම් දීලා තියෙනවා”
“සෞඛ්‍ය නිර්දේශවලට අනුව තරගාවලිය ක්‍රියාත්මක කිරීමට මේ වන විට අපි සැළසුම් කරමින් ඉන්නවා” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
මෙම තරගාවලියට සහභාගි වන කණ්ඩායම් පහට විදේශීය ක්‍රීඩකයන් හය දෙනා බැගින් විදේශීය ක්‍රීඩකයෝ 30 ක් සහභාගි වෙති. අන්තර්ජාලය ඔස්සේ ක්‍රීඩකයන් තෝරාගත් අවස්ථාවේදී විදේශිය ක්‍රීඩකයන් 25 දෙනකු තෝරාගත් අතර ගාල්ල ග්ලැඩියේටර්ස් පිල හැර සෙසු කණ්ඩායම් තවත් විදේශ ක්‍රීඩකයන් පහක් ඇතුළකර ගැනීමට නියමිතය.
එල්.පී.එල්. තරගාවලිය නොවැම්බර් මස 21 වැනිදා සිට දෙසැම්බර් මස 13 වැනිදා දක්වා සූරියවැව සහ පල්ළෙකැලේ යන ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතය.