Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ වමත් වේග පන්දු යවන්නා වන විශ්ව ප්‍රනාන්දු, එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ මීළඟ ප්‍රාන්ත තරඟ තුන සඳහා, යෝක්ෂයර් කණ්ඩායම සමගින් ගිවිසුම් අත්සන් කර තිබේ. යෝක්ෂයර් කණ්ඩායමේ මීළඟ තරග තුන වන නොදම්ප්ටන්ෂයර්, ග්ලොස්ටර්ෂයර් සහ ඩාර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායම් වලට එරෙහිව විශ්ව ක්‍රීඩා කිරීමට සූදානමින් සිටී.
විශ්වට ලැබුණු මෙම අවස්ථාව මේ වසරේදී එංගලන්තයට එරෙහිව එංගලන්තයේදී ටෙස්ට් තරග 3 ක් ක්‍රීඩා කිරීමට සූදානම් වන ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ නංවන්නකි. එම තරග තුනෙන් පළමුවැන්න අගෝස්තු මස 21 වැනිදා ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේදී ආරම්භ වෙයි.
විශ්ව ප්‍රනාන්දුගේ එක්වීම යෝක්ෂයර් ප්‍රාන්තයේ පන්දු යැවීමේ අංශය ශක්තිමත් කිරීමකි. විවිධ ශාරීරික ආබාධ හේතුවෙන් යෝක්ෂයර් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටි මැතිව් ෆිෂර්, මිකී එඩ්වර්ඩ්ස් සහ මැතිව් මිලන්ස් තිදෙනාගේම සේවය යෝක්ෂයර් ප්‍රාන්තයට අහිමි වී තිබේ. ඒ හේතුවෙන් තරගාවලිය ආරම්භ වීමෙන් පසුව පැවැති තරග 5 කින් එකක්වත් ජයගැනීමට යෝක්ෂයර් ප්‍රාන්ත පිලට අවස්ථාවක් නොලැබිණ.
ටෙස්ට් තරග 23 කදී කඩුලු 64 ක් දවාගෙන සිටින විශ්වගේ ටෙස්ට් කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 33.09 කි. පසුගිය වසරේදී පැවැති එංගලන්ත ප්‍රාන්ත ශූරතාවලියේදී ඩර්හැම් ප්‍රාන්ත පිල නියෝජනය කළ විශ්ව, එහිදී කඩුලු 7 ක් දවාගත් අතර ඩර්හැම් කණ්ඩායම දෙවැනි පෙළ ශූරතාව දිනාගත්තේය.
-213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.