Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වෙළෙඳ සේවා ක්‍රිකට් සභාපති රෝහණ

වෙළෙඳ සේවා ක්‍රිකට් සභාපති රෝහණ

රොෂාන් ගුණරත්න - 2020 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳසේවා ක්‍රිකට් සංගමයේ 103 වැනි වාර්ෂික මහසභා රැස්වීමේදී 2 වැනි වරටත් සභාපතිවරයා ලෙස ඬේවිඞ් පිරීස් මෝටර් සමාගමේ රෝහණ දිසානායක මහතා තේරී පත්වූයේය. ට්‍රෙන්ඩෙක්ස් ලංකා ආයතනයේ ශිරෝෂි ගුණතිලක මහතා ප්‍රධාන ලේකම්වරයා ලෙස තේරී පත්විය. 2019/20 සඳහා තේරීපත්වු නිළධාරී මණ්ඩලයම 2020/21 වර්ෂය සඳහාද තේරීපත්වී ඇත.

වෙළඳසේවා ක්‍රිකට් සංගමයේ 103 වැනි වාර්ෂික මහසභා රැස්වීම පසුගිය 24 වැනිදා වෙළඳසේවා ක්‍රිකට් සංගම් මූලස්ථානයේදී පැවැත්විණි.

වෙළඳසේවා ක්‍රිකට් සංගමයේ අනුශාසක ලෙස සිංගර් ශ්‍රී ලංකා සමාගමේ හිටපු සභාපති හේමක අමරසූරිය මහතාත් උප අනුශාසකවරුන් ලෙස ජනශක්ති රක්ෂණ සමාගමේ  හිටපු සභාපති චන්ද්‍ර ශාෆ්ටර්, නවලෝක ව්‍යාපාරයේ සභාපති උපාලි ධර්මදාස සහ හැටන් නැෂනල් බැංකුවේ හිටපු උසස් නිලධාරියකු වූ ක්‍රිස් ඔබේසේකර යන මහත්වරුන් පත්කර ඇත. භාරකරුවන් ලෙස කේ.මතිවානන්, නීල් පෙරේරා සහ මහේෂ් විජේවර්ධන යන මහත්වරුන් පත් කළහ.


2020/21 සඳහා තේරීපත්වු නිළධාරී මණ්ඩලය

සභාපති - රෝහණ දිසානායක මහතා (ඩේවිඩ් පිරීස් මෝටර් සමාගම)
ජ්‍යෙෂ්ඨ උපසභාපති - නලින් වික්‍රමසිංහ මහතා (මොඞ් ඉංජිනියරිංග්)
උපසභාපතිවරුන් - මහේෂ් ද අල්විස් (ෆෙයාර් ෆස්ට් ඉන්ෂුවරන්ස්) සහ තුෂාන් අමරසූරිය (සිංගර් ශ්‍රී ලංකා - ෆිනෑන්ස්)
ප්‍රධාන ලේකම් - ශිරෝෂි ගුණතිලක මහතා ට්‍රෙන්ඩෙක්ස් ලංකා)
උප ලේකම් - රොහාන් සෝමවංශ මහතා (ඩි.එස්.අයි. සමාගම)
භාණ්ඩාගාරික - අචින්ත හේවානායක මහතා (ඩි.එෆ්.සී.සී බැංකුව)
උප භාණ්ඩාගාරික - සංජය විජේසිංහ මහතා (ෆස්ට් චොයිස්)
කමිටු සාමාජිකයෝ - දුමින්ද පින්තු මහතා (මර්චන්ට් බැංකුව)
පුන්‍යකාන්ත අබේගුණසේකර මහතා (ජෝන් කීල්ස් සමාගම)
අජිත් සියඹලාපිටිය මහතා (මාස් යුනිචෙලා)
සජිත් අතපත්තු මහතා (ඒසියා ඇසට් ෆිනෑන්ස්)
හසිත දසනායක (සී.ඩී.බී.)

 


අදහස් (0)

වෙළෙඳ සේවා ක්‍රිකට් සභාපති රෝහණ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.