Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානයට එරෙහිව අද (16) සාජා ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයට ශ‍්‍රී ලංකා පිලේ වේග පන්දු යවන්නකුගේ ස්ථානයට දඟ පන්දු යවන්නකු කැ`දවන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
දෙපිටලම තීරණාත්මක අද (16) ආරම්භ වන මෙම තරගය සාජා වේලාවෙන් පෙරවරු 10.00 හෙවත් ශ‍්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.30 ට ආරම්භ වීමට නියමිතය.
ශ‍්‍රී ලංකා පිල ඩුබායිහිදී පැවැති දෙවැනි තරගයෙන් කඩුලූ 9 ක පහසු ජයක් ලබමින් 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ රැදී සිටියි. ශ‍්‍රී ලංකාවට තරගාවලියේ ජය ලැබීමට මෙම තරගය විසදුමකින් තොරව අවසන් කිරීම ප‍්‍රමාණවත් වී තිබේ.
පාකිස්තානය ටෙස්ට් තරගාවලියේ පරාජයෙන් ගැලවීමට නම් මෙම තරගයෙන් අනිවාර්යෙන්ම ජය ලැබිය යුතුය.
ශ‍්‍රී ලංකාව මේ වන විට ප‍්‍රසාද ලකුණු 88 ක් ලබා ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ 6 වැනි ස්ථානයේ පසු වෙයි. මෙම තරගයෙන් ශ‍්‍රී ලංකාව ජය ලබා 2-0 ක් ලෙස තරගාවලිය ජය ලැබුහොත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 95 ක් බවට පත්ව පස්වැනි ස්ථානය දක්වා උසස්වීම් ලබයි.
ප‍්‍රසාද ලකුණු 102 ක් ලබා ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ 5 වැනි ස්ථානයේ පසු වන පාකිස්තානය මෙම තරගයෙන් පරාජයට පත්වුහොත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 94 ක් බවට පත්ව හයවැනි ස්ථානය දක්වා පසු පසට තල්ලූ වෙයි.
පාකිස්තානය 2002 වසරේ ඕස්ටේ‍්‍රලියාව හමුවේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී 3-0 කින් ටෙස්ට් තරගාවලිය පරාජයට පත්වීමෙන් පසුව වසර 12 ක කාලයකයේදී එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී ටෙස්ට් තරගාවලියක් පරාජයට පත්ව නොමැත.
සාජා ක‍්‍රීඩාංගණයේදී ඊයේ (15) පස්වරුවේ පැවැති පුහුණු සැසියට පෙර පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් මෙසේ පැවසීය.
”මෙම තණතිල්ල දඟ කැවෙන එකක්, ඒ නිසා දඟ පන්දු යවන්නකු කැ`දවන්න මේ වන විට තීරණය කර තිබෙනවා. පිතිකරුවන් හත් දෙනාගේ වෙනසක් වෙන්නේ නෑ, වේග පන්දු යවන්නන් තිදෙනාගෙන් එක් අයෙකුට ස්ථානය අහිමි වෙනවා”
”මේ තණතීරුව වේගපන්දු යවන්නන්ට එතරම් යෝග්‍ය නෑ. ඒ නිසා තීරණයක් ගන්න වෙනවා, පිට දඟ පන්දු යවන්නන් දෙදෙනාගෙන් කවුද ක‍්‍රීඩා කරන්නේ කියලා හෙට උදේ තණතීරුව පරීක්‍ෂා කර තීරණය කරනවා”
”මේක අලූත් තරගයක් ඒ වගේම අලූත් ක‍්‍රීඩාංගණයක්, අපි 2-0 ක් ලෙස තරගාවලිය ජය ගන්න මේ තරගය පිළිබදව දැඩි බලාපොරොත්තුවකින් ඉන්නේ. දෙවැනි තරගය ජය ගැනීමෙන් පසුව අපි ඉතාමත් හො`ද මානසික තත්ත්වයක පසු වෙනවා, කිසිම අවස්ථාවකව පාකිස්තානු කණ්ඩායම සැහැල්ලූවට ගන්නේ නෑ. එසේ කළහොත් අවාසිය වෙන්නේ අපිටමයි”
ආබාධයකට ලක්ව සිටින මහේල ජයවර්ධන මෙම තරගයට ක‍්‍රීඩා කරන්නේද යන ප‍්‍රශ්නයට ඇමැතිව්ස් මෙසේ පැවසීය.
”කිසිම ප‍්‍රශ්නයක් නෑ, මහේල හොද තත්ත්වයක ඉන්නවා. ඔහු අද තරගයට ක‍්‍රීඩා කරනවා”
මහේල ඊයේ පුහුණු සැසියේදී පන්දු රැකීමේ පුහුණුවීම්වල ද නිරත වූ ආකාරය දැකගත හැකි විය.
සාජාහිදී ඊයේ (15) පෙරවරුවේ පැවැති පුහුණු සැසිය අවසන් වීමෙන් පසුව මාධ්‍ය හමුවට සහභාගි වූ පාකිස්තානු නායක මිස්බා උල් හක් පැවසුවේ තරගාවලිය සම තත්ත්වයෙන් අවසන් කිරීම තම කණ්ඩායමට මෙම තරගය ජයග‍්‍රහණය කරනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නොමැති බවයි.
”අපි මේ තරගයේදී ඉතාමත් හො`දින් ක‍්‍රීඩා කළ යුතුයි. මෙය ජීවිතයත් මරණයත් අතර තත්ත්වයක් වගේ. තණතීරුව ගැන අනාවැකි කියන්න බෑ, නමුත් මේක පළමු තරග දෙක පැවැති තණතීරුවලට වඩා වෙනස් එකක්”
”ශ‍්‍රී ලංකා පිලේ වේග පන්දු යවන්නන් හො`දින් පන්දු යැවුවා. ශ‍්‍රී ලංකා පිල ඔවුන්ගේ පන්දු යවන්නන් පරිසර තත්ත්වය අනුව නියමිත අවස්ථාවේ යොදා ගත්තා, ඒ නිසා ඔවුන්ට සාර්ථක වෙන්න හැකියා ලැබුණා” යැයි මිස්බා වැඩි දුරටත් පැවසීය.
අබුඩාබිහිදී සහ ඩුබායිහිදී පැවැති ටෙස්ට් තරගවලදී ශ‍්‍රී ලංකා පිලේ වේග පන්දු යවන්නන් තිදෙනා වූ නුවන් ප‍්‍රදීප්, සුරංග ලක්මාල් සහ ශාමින්ද එරංග දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ශ‍්‍රී ලංකා ජයග‍්‍රහණයේ දැවැන්ත කොටස්කරුවන් බවට පත්වූහ.
පිට දඟ පන්දු යවන්නන් වන සචිත‍්‍ර සේනානායක සහ ඩිල්රුවන් පෙරේරා මෙම තරගාවලියට සහභාගි වී සිටින අතර රංගන හේරත් පා දඟ පන්දු යවන්නා ලෙස ක‍්‍රීඩා කරයි.
ශ‍්‍රී ලංකාව මීට පෙර සාජා ක‍්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයකට සහභාගි වී ඇති අතර එම තරගය විසදුමකින් තොරව අවසන් වී තිබේ.
ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, කුසල් ජනිත්, ප‍්‍රසන්න ජයවර්ධන, සුරංග ලක්මාල්, ශාමින්ද එරංග, විශ්ව ප‍්‍රනාන්දු, සචිත‍්‍ර සේනානායක, නුවන් ප‍්‍රදීප්, රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා
පාකිස්තානු ටෙස්ට් සංචිතය:
මිස්බා උල් හක් (නායක), මොහොමඞ් හෆීෂ්, අහ්මඞ් ශෙෂාඞ්, කුරාම් මන්ෂූර්, ශාන් මෂුඞ්, අෂාර් අලී, අසාද් ශාෆික්, යුනිස් ඛාන්, සෆ්රාස් අහ්මඞ්, ජුනයිඞ් ඛාන්, සයිඞ් අජ්මාල්, අබ්¥ර් රෙහෙමාන්, බිලාවල් භාටි, මොහොමඞ් ඉර්ෆාන්, රහට් අලී සහ මොහොමඞ් තල්හා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.