Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසළාන’ වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ තරගයකදී වේයන්ගොඩ ශාන්ත මරියා විදුහලට එරෙහිව ලකුණු 206 ක ජයක් ලබා ගැනීමට වේයන්ගොඩ විද්‍යාලෝක විදුහල සමත්විය. මෙම තරගය වේයන්ගොඩ සියනෑ විද්‍යාපීඨ ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.
වේයන්ගොඩ විද්‍යාලෝක විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ලුක්ෂාන් අංජන, දෙසඳු මෙත්මන් සහ තරුක චමින් ඉනිමකදී කඩුලු පහ බැගින් දවාගැනීමට සමත්වූ අතර ලුක්ෂාන් අංජන ඉනිම දෙකෙහිදී ලකුණු 27 කට කඩුලු 8 ක් දවාගැනීමට සමත්විය.
ශාන්ත මරියා විදුහල - පළමු ඉනිම - ඕවර 20.2 කදී සියලුදෙනා දැවී 29
(ලුක්ෂාන් අංජන 19/5, දෙසඳු මෙත්මන් 05/5)
විද්‍යාලෝක විදුහල - පළමු ඉනිම - ඕවර 32 කදී කඩුලු 5 ක් දැවී 264
(විමුක්ති දේශාන් 67, සසිදු හේෂාන් නොදැවී 51, තරුක චමින් 42, මොහොමඞ් සමීර් 30, එල්. ගමගේ 81/2, එස්. හර්ෂණ 43/2)
ශාන්ත මරියා විදුහල - දෙවන ඉනිම - ඕවර 14.3 කදී සියලුදෙනා දැවී 29
(තරුක චමින් 17/5, ලුක්ෂාන් අංජන 08/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.