Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වේල්ස් කුමර - රාජකීය අ. පූර්ව තරග හෙට

වේල්ස් කුමර - රාජකීය අ. පූර්ව තරග හෙට

සංජය එරමුදුගොඩ - 2016 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I වැනි කාණ්ඩයේ පළමු අවසන් පූර්ව තරගය හෙට (11 වැනිදා) මොරටුව වේල්ස් කුමර විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම කණ්ඩායම් දෙකින් මොරටුව වේල්ස් කුමර විදුහල ඉකුත් වසරේ ශූරයන් වූ කණ්ඩායමයි.

කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව කටුගස්තොටදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ලබාගත් ප්‍රසාද ලකුණු අනුව වේල්ස් කුමර විදුහලට අවසන් පූර්ව වටයට පිවිසිමේ වරම් හිමිකර ගත්තේය.

රාජකීය විදුහලට අවසන් පූර්ව වටයට පිවිසිමේ වරම් හිමිකර ගත්තේ කඳාන ද මැසිනොද් විදුහලට එරෙහිව කොළඹදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ලබාගත් ප්‍රසාද ලකුණු අනුවය.

තරිඳු අමරසිංහ වේල්ස් කුමර විදුහල් කණ්ඩායමේ නායකත්වය දරන අතර දසිස් මංචනායක කොළඹ රාජකීය විදුහල් කණ්ඩායමේ නායක්වය දරයි.

 

වේල්ස් කුමර විදුහල් කණ්ඩායම -
තරිඳු අමරසිංහ (නායක), විනුජ රන්පුල්, ඉඳුවර ද අල්විස්, ගීෂාන් ප්‍රනාන්දු, රෙහාන් චාමික, කූන්චන පෙරේරා, ශොහාන් රොද්‍රිගූ, තිනුක ප්‍රනාන්දු, රිතික ප්‍රනාන්දු, මහින්ස ද සිල්වා, සඳුන් රණතුංග, සුමල්ක ප්‍රනාන්දු, තිමිර ලක්ෂිත, අසිත් තෙත්මාල්, ශාමක චවින්ගිත්, දිනුක සඳරුවන්, සදීෂ පවන්, පසිඳු අධීෂ, දේවින්ද දිල්ෂාන්, මිහිරු ධනංජය, ශාන්ත රොද්‍රිගූ මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), කුෂාන් ජයවික්‍රම මහතා (ප්‍රධාන පුහුණුකරු) සහ කල්ප ප්‍රනාන්දු මහතා (පුහුණුකරු)

රාජකීය විදුහල් කණ්ඩායම -
දසිස් මංචනායක (නායක), රෙසඳු තිලකරත්න (උප නායක), තෙවිඳු සේනවීර, නෙතින් පනාපිටිය, සිනෙත් ජයවර්ධන, සදීෂ් රාජපක්ෂ, උවිඳු වීරසේකර, අනූපම උෂෙට්ටි, කනික දයාරත්න, උතුම් දිසානායක, කේෂර කප්පාගොඩ, නිපුන ප්‍රබෝද, ජයනිඳු මුතුකුමාරණ, ජනුද කන්නංගර, ජනුක චන්දූප, හේෂාන් කෝට්ටගේ, සංජුල බණ්ඩාර, නෙතුල් තෙන්නකෝන්, නවනීතන් මානික්, දුලාජ් සුබපණ්ඩිත, රුක්මාල් කුරේ, අරුණ තෙන්නකෝන් මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), රෂාන් පීරිස් මහතා (ප්‍රධාන පුහුණුකරු), නිසංසල මෙන්ඩිස් මහතා (සහාය පුහුණුකරු), ප්‍රගීත් ෆර්ඩිනෑන්ඩෝ මහතා (සහාය පුහුණුකරු) සහ ළහිරු ප්‍රනාන්දු මහතා (සහාය පුහුණුකරු)

 


අදහස් (0)

වේල්ස් කුමර - රාජකීය අ. පූර්ව තරග හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.