Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර සඳහා තුන් ඉරියව් ක්‍රීඩක වොෂිංටන් සුන්දර් සහභාගී නොවන බව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල නිවේදනය කරයි. අතේ ඇඟිල්ලක ඇතිවූ ආබාධයක් හේතුවෙන් සැප්තැම්බර් 19 දා එක්සත් අරාබී එමීර් රාජ්‍යයේදී ආරම්භ වන අයි.පී.එල්. තරගාවලියෙන් වොෂිංටන් සුන්දර්ට ඉවත්වීමට සිදුව තිබේ.
එංගලන්තයට එරෙහිව තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ආරම්භවීමට පෙර, ජූලි මාසයේදී පැවති පුහුණු තරඟයකදී, සුන්දර්ගේ අතේ ඇඟිල්ලේ අස්ථි බිඳීමක් සිදු විය. ඔහු ඉන්දියාවට එරෙහිව එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් පුහුණු තරගයට ක්‍රීඩාකරමින් සිටියදී මෙම අනතුර සිදුවිය. එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග 5 සඳහා විශේෂඥ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස තෝරාගෙන සිටි වොෂිංටන් සුන්දර්ගේ එංගලන්ත සංචාරය එසේ අවසන්විය.
දැන් ඔහුට අයි.පී.එල්. තරගාවලියේ දෙවැනි අදියරත් අහිමි වී තිබේ. වොෂිංටන් සුන්දර් වෙනුවට ආදේශ ක්‍රීඩකයෙකු ලෙස බෙංගාල ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ පන්දු යවන්නෙකු වන ආකාෂ් දීප් තෝරා ගත් බව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල නිවේදනය කරයි.
වොෂිංටන් සුන්දර් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ අත්‍යවශ්‍ය ක්‍රීඩකයකු වන අතර මුල් ඕවර 6 තුලදී ඔහු තීරණාත්මක පන්දු යැවීමක නිරත වෙයි.
අයි.පී.එල් තරඟ 42 කට ක්‍රීඩා කර ඇති වොෂිංටන්, කඩුලු 27 ක් දවා ගනිමින් ඕවරයකදී ලකුණු ලබාදීමේ වේගය 6 ක් ලෙස රඳවා ගෙන ඇත. සුන්දර් 2018 දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල සමගින් එක්වීමට පෙර රයිසින් පූනේ සුපර්ජයන්ට් කණ්ඩායම සමගින් සිය අයි.පී.එල් ක්‍රීඩා දිවිය ආරම්භ කළේය. මේ වසරේ පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී මෙම තුන් ඉරියව් ක්‍රීඩකයා ඉන්දීය රුපියල් මිලියන 3.2 කට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල විසින් මිලදී ගන්නා ලදි.
ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග, වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ සිංගප්පූරු ජාතික තුන් ඉරියව් ක්‍රීඩක ටිම් ඩේවිඩ් මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියරේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල වෙනුවෙන් ගිවිසුම් අත්සන් කර සිටිති.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.