Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවට ලැබුණු සුනාමි පාපන්දු සංවර්ධන අරමුදල් සම්බන්ධයෙන් අන්තර් ජාතික පාපන්දු සම්මේලනය ආරම්භ කර තිබෙන විමර්ශන ගැන ප‍්‍රසිද්ධියේ අදහස් දැක්විය නොහැකි බව කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී එහි සභාපති ජෝශප් බැලැටර් මහතා පැවසීය.
දෙස් විදෙස් මාධ්‍යවේදීන්ගේ සහභාගිත්වයෙන් කොළඹ ”ටාජ් සමුද්‍ර” හෝටලයේ පැවති විශේෂ ප‍්‍රවෘත්ති සාකච්ඡවේදී මාධ්‍යවේදියෙකුගේ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් අන්තර් ජාතික පාපන්දු සමුළුවේ සභාපතිවරයා ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට තොරතුරු ලබා ගැනිමට අවශ්‍ය නම් ඒ සඳහා උපකාර කිරීමට අන්තර් ජාතික පාපන්දු සමුළුව සුදානම් බවත් එහිදී පැවසීය.
ඔහු එහිදී සිය මාධ්‍ය නිලධාරියා ඉදිරියට කැඳවමින් ඒ සම්බන්ධයෙන් විද්යුත් තැපෑල ඔස්සේ ඔහු දැනුවත් කිරීමෙන් තොරතුරු ලබාගත හැකි බවද පැවසීය.
මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් බ්ලැටර් මහතා පැවසුවේ පාපන්දු සංවර්ධනය සඳහා නිසියාකාර වැඩසටහන් කි‍්‍රයාත්මක කරන්නේ නම් ඒ සඳහා ප‍්‍රතිපාදන හා උපකාර කිරීමට නිරතුරුවම අන්තර් ජාතික පාපන්දු සමුළුව සුදානම් බවය.
”ශ්‍රී ලංකාවේ පාපන්දු සංවර්ධනයට අන්තර් ජාතික පාපන්දු සමුළුව මෙතෙක් යෙදවූ අරමුදල්වලින් රටට වැඩදායක වූ යමක් සිදවුවා යැයි මා විශ්වාස කරන්නෙ නෑ. ඒ ගැන මා සෑහීමකට පත් වෙන්නෙත් නෑ. නමුත් අන්තර් ජාතික පාපන්දු සමුළුවේ සාමාජික රටවල් 209 සඳහාම සෑමවිටම දෑත් දිගු කරන්න අප සුදානම්. ශ්‍රී ලංකාවේ වත්මන් පාපන්දු පරිපාලනය ඒ සඳහා යම් වෙහෙසක් ගනිමින් සිටිනවා.
ඒ සඳහා දැන් තරුණ නායකත්වයක් ඉදිරිපත්ව සිටීම සතුටට කරුනක්” යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.
අන්තර් ජාතික පාපන්දු සමුව ලොවපුරා සිය සාමාජික රටවල් 209 සඳහා දක්වන සහයෝගිතා දැන ශක්තිමත් කිරිමේ මෙවලම බවට පත්ව ඇත්තේ ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ ආදායම බවත් එහිදී බ්ලැටර් මහතා පෙන්වා දුන්නේය.
මාධ්‍ය හමුව තවදුරටත් ඇමතූ ඔහු තමාගේ ශ්‍රී ලංකා සංචාරය මේ අවස්ථාවේ සිදු කරන්නේ පස්වැනි වතාවට බවත් සිය පළමු ශ්‍රී ලංකා සංචාරය 1977 දී සිදුවූ බවත් සිහිපත් කර දුන්නේය.
1981 දී ඔහු දෙවැනි ශ්‍රී ලංකා සංචාරය සිදුකර ඇත්තේ අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ මහලේකම් ධූරය දරමිනි.
මාධ්‍ය හමුව ඇමතූ ආසියානු පාපන්දු සමුළුවේ සභාපති ෂෙයික් සල්මන් බින් කලීෆා අල්තානි මහතා පැවසුවේ ශ්‍රී ලංකා පාපන්දු කී‍්‍රඩාවේ යම් ගුණාත්මක සංවර්ධනයක් මෑත කාලයේ දැකගත හැකිවීම ගැන සතුටු වන බවය.
ඉදිරියේදී තවදුරටත් ආසියානු පාපන්දු සමුළුවේ ආධාර වැඩිකිරීමට මෙම සමුළුව උනන්දු වෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා එහිදී පැවසුවේ අන්තර් ජාතික පාපන්දු සමුළුවේ වත්මන් සභාපති ජෝශප් බැලැටර් මහතා ශ්‍රී ලංකාවේ පාපන්දු කී‍්‍රඩාවට මෙතෙක් දක්වා තිබෙන දායකත්වය ඉතා විශිෂ්ඨ වන බවය.
”බ්ලැටර් මහතා අන්තර් ජාතික පාපන්දු සමුළුවේ සභාපති ධූරයට පත්වූ 1998 සිට මෙතෙක් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 12කට ආසන්න මුදලක් (රුපියල් කෝටි 140කට වැඩි) ලබාදී තිබෙනවා. ඉදිරියටත් ඔහු අපට ආධාර රැසක් දෙන්න පොරොන්දු වෙලා තිබෙනවා. ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය අපකල විශාල ගෞරවයක් ලෙස සලකනවා.” යයිද රුද්‍රිගු මහතා පැවසීය.
පසුගිය සඳුදා (1) පස්වරුවේ දිවයිනට පැමිණි ජෝශප් බ්ලැටර් මහතා ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් සිය පෞද්ගලික ජෙට් යානයෙන් ඊයේ පෙරවරුවේ දිවයිනෙන් පිටත් ගියේය.
ඒ සමගම ආසියානු පාපන්දු සමුළුවේ සභාපතිවරයාද සිය පෞද්ගලික ජෙට් යානයෙන් ඊයේ පෙරළා දිවයිනෙන් පිටත්ව ගියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.