Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී රාහුල විද්‍යාලය පෙර අ.අ. පූර්ව වටයට

ශ්‍රී රාහුල විද්‍යාලය පෙර අ.අ. පූර්ව වටයට

Nisanka Sandeepani - 2019 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් ‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය අද (7 වැනිදා) සමත්විය.

කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගයකදී නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය සමත්විය.

කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේ කුෂාන් සෙනරත් (නොදැවී 128) ශතකයක් සහ ජනිත් මෛත්‍රි (නොදැවී 77) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර දිල්ශාන් අරඳේගෙදර ලකුණු 35 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ශා.ජෝන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 38.4 කදී සියලුදෙනා දැවී ලකුණු 190
(සෙල්වකුමාර් 70, දිරුෂාල් සමරවික්‍රම 34, නුරාජ් ප්‍රසන්න 33, දිල්ශාන් අරඳේගෙදර 35/6)

රාහුල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 58 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 270
(කුෂාන් සෙනරත් නොදැවී 128, ජනිත් මෛත්‍රි නොදැවී 77, තරිඳු ෆොන්සේකා 21, නුරාජ් ප්‍රසන්න 22/2)


අදහස් (0)

ශ්‍රී රාහුල විද්‍යාලය පෙර අ.අ. පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.