Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාවට එරෙහිව ස්ටොයිනිස්

ශ්‍රී ලංකාවට එරෙහිව ස්ටොයිනිස්

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවට එරෙහිව කැන්බරාහිදී පෙබරවාරී 1 වැනිදා ආරම්භවන දෙවැනි ටෙස්ට් තරගය සඳහා ඕස්ට්‍රේලියානු සංචිතයට මාකස් ස්ටොයිනිස් ඇතුළත් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. බිග් බෑෂ් ලීගයේ බ්‍රිස්බේන් හීට් කණ්ඩායම නියෝජනය කරන ආරම්භක පිතිකරු මැතිව් රැන්ෂෝ එම තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා නිදහස් කර ඇත.

බටහිර ඕස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කරන මාකස් ස්ටොයිනිස් 2018-19 තරග වාරයේදී කඩුලු 10 ක් දවාගනිමින් ලකුණු 298 ක් රැස්කිරීමට සමත්වී ඇත. මංගල ටෙස්ට් තරගයට සහභාගීවීමට පෙර පළමු පෙළ තරග 53 කට ක්‍රීඩාකර ඇති ස්ටොයිනිස් ලකුණු 2857 ක් රැස්කර ඇති අතර කඩුලු 52 ක් දවාගෙන ඇත.

තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස ඔහුට හැඩ ගැසීමට ඇති හැකියාව හේතුවෙන් අවස්ථානූකූලව ඔහුව අතිරේක පන්දු යවන්නෙකු ලෙසත් යොදාගැනීමට පුලුවන් නිසා ඔහුට අවස්ථාවක් ලබාදීමට තීරණය කළ බව තේරීම් කමිටු ප්‍රධානී ටේ‍රවර් හෝන්ස් මහතා පැවසීය.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී ඕස්ට්‍රේලියානු පිල 1-0 ක් ලෙස ඉදිරියෙන් සිටී.

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට එරෙහිව ස්ටොයිනිස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.