Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේදී පැවැත්වෙන දෘශ්‍යාබාධිතයන්ගේ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වැනි ජයග්‍රහණයත් ලබාගත්තේය. අද (10 වැනිදා) මුම්බායි නුවරදී පැවැති තරගයේදී ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම විසින් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 8 කින් පරාජය කරන ලදි.
පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය කඩුලු 7 ක් දැවී ලකුණු 146 ක් ලබාගත්තේය. එම ලකුණු සංඛ්‍යාව අභිබවා යාම සඳහා ශ්‍රී ලංකා පිලට අවශ්‍ය වූයේ ඕවර 15.4 ක් පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා සහභාගි වී ඇති තරග තුනම ජයගෙන තිබේ.
බංග්ලාදේශය - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 146 යි
(අබිඩ් 22, අරිෆුල්ලා 18, මොහොමඩ් හසන් 39, මොහොමඩ් මහමුද් රෂීඩ් 25, රෂේදුල් 19, උපුල් සංජීව 19/2, මුරුගන් මෝහනරාජා 28/2)
ශ්‍රී ලංකාව - ඕවර 15.4 කදී කඩුලු 2 ක් දැවී 147
(දමිත් සඳරුවන් නොදැවී 57, මුරුගන් මෝහනරාජා 19, චන්දන දේශප්‍රිය 53)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.